(සුමිත් පොතුපිටිය)
කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා යමින් සිටි ත්‍රීරෝද රථ දෙකක් පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී නිල ඇඳුම් ඉරා දමා පලායාමට සූදානම් වූ පුද්ගලයින් සිව් දෙනකු කඩු පොලු සමග අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි19, 27, 28 සහ 29 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය කීය.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී අලුත්ගම දර්ගා නගරයේ දී සැකකරුවන් හය දෙනෙකු පැමිණි ත්‍රී රෝද රථ දෙක නවතා පරීක්ෂා කිරීමට සූදානම් වීමේදී ඇතිවූ බහින් බස්වීමකින් පසු පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් නිලධාරීන්ට පහර දෙන අවස්ථාවේ අවට සිටි පිරිස් සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා පොලිසියට භාරදී ඇති බවත්, තවත් දෙදෙනෙකු පලා ගොස් ඇති බවත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය රටේ පවතින මානුෂික හිමිකම් රකින්න ගියොත් පාතාලය මඩලන්න පුළුවන් වෙන්නේ නැත. ඉන් එහාට ගිහිල්ලා රුසියානු ක්‍රමයට ක්‍රියා කළොත් බොහෝ දුරට පාතාලේ මඩලන්න පුළුවන් වේවි. රුසියාවට ත්‍රස්තප්‍රහාරය එල්ලකලවුන් උසාවි ආවේ රෝද පුටුවලින්. අපේ පාස්කු ප්‍රහාරය එල්ල කළවුන් රකින්න පල්ලිය ඉදිරිපත් උනා. දැන් පාස්කු මංගල්‍යට ජනතා බදු මුදලින් ආරක්ෂාව සපයන්න වෙලා.
මෙම සැකකරුවන් අල්ලා දීමට සහය වුන සියලුම දෙනාට අපේ උපහාරය.