(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බෙන්තොට ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේ පසුගිය දා සංගීත සංදර්ශනය පැවැති අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කර ඔවුනට පහර දී තුවාල සිදු කළේ යැයි කියන පුද්ගලයින් හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක් , පොලිස් සැරයන් සැරයන්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා බෙන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සංගීත සංදර්ශනය පැවති ක්‍රීඩාංගණය ප්‍රධාන දොරටුව අසල දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කරවීමට ගිය අවස්ථාවේ මෙම පොලිස් නිලධාරීන්ට පහරදීමක් සිදුකර ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා අතර ව්‍යාපාරිකයින් දෙදෙනෙකු සහ හෝටල් සේවකයින් දෙදෙනෙකු ද සිටින බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොලිස් නිලධාරින්ට පහරදුන් සිද්ධියට 7ක් අල්ලයි