(දසුන් රාජපක්ෂ)
ජාතික පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
ස්ථාන මාරුවීම් ලබාදී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙසේය.
බදුල්ල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු.එස්.ජයසුන්දර මහතා බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කොට තිබේ.
මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ.ඩි.ඒ.කරවිට මහතාට එම දිසාවට අමතරව බදුල්ල දිසාවද භාර දී ඇත.
සුභසාධක දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්.කොඩිතුවක්කු මහතා පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කොට ඇත.
ක්ෂේත්‍ර බලකා මුලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.කේ.සිල්වා මහතාට එම දිසාවට අමතරව සුභසාධක දිසාව ද භාර දී තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 ක් පොලිස් අධිකාරිවරුන් 11 ක් සහකාර පොලිස් අධිකාරිවරුන් 17 ක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 20 ක් හට ද ස්ථාන මාරුවීම ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු නඩු හදලා පගා ගත්තා පොලිස් ලොක්කන්... බහුබූත පොලිස් කොමිසම දැන් හදිසියේ අයින්වෙලා තියෙන්නේ හෙනවදියි කියලද?
කොහොමත් ආණ්ඩුව මාරුවෙනකොට පුටුත් මාරු වෙනවා මේවා පරණ කතා නේද?
මේ පුටුමාරුව මැතිවරණයෙන් පසුව වෙන සිද්ධියක් නෙවෙයි. මැතිවරණයට කලින් ගිය ආණ්ඩුවේ ඉඳලම මාස ගාණක් තිස්සේ වෙනවා. කවදා නවතීවිද දන්නේ නැහැ.
ඔන්න අපේ ස්වාධීන කොමිෂන් සභා. 19 වැනි සංශෝධනය ගෙනාවේ අපක්ෂපාතී ස්වාධිනාව කරයුතු කරන කොමිෂන් සභා පිහිටුවන්නයි. 19 තියෙද්දිත් කොමිෂන් සභා වැඩකරන්නේ දේශපාලුවන්ගේ උවමනාවට බව ඉතාම පැහැදිලිව පෙනෙද්දී ඒකත් අහෝසි කරලා 18 ආපහු ගෙනාවොත් සිද්ධ වෙනදේ හිතාගන්න බැරිද? හුදෙක් ජනාධිපතිගේම අභිමතය අනුව ඉහලම තනතුරුවලට පුද්ගලයන් පත්කෙරෙන්නේ හෙන්චයියලා බව කියන්නත් දෙයක්ද?