
(රංජිත් රාජපක්ෂ)
රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු නොර්වුඩ් පොලිසියේ ජිප් රථයක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දී ප්‍රපාතයකට පෙරලිමෙන් පොලිස් නිලධාරින් තිදෙනකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වෙන්චර් තේ කර්මාන්ත ශාලාව අසලදි මෙම අනතුර සිදුව ඇත.
මෙම ජිප් රථය නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ සිට නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ අනවසර මැණික් ගැරිමක් වැටලිම සදහා යමින් තිබු අවස්තාවේ ජිප් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇත.
අනතුරෙන් තුවාල ලැබු පොලිස් නිලධාරින් තිදෙනා සෙන් ජොන් ටිලර් වත්තේ වතු කම්කරුවන් එක්ව රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජීත් රාජපස්ස, ඔබ සහ ඔබ වටේ සිටින සහචරයන් ටික නේද ඔය හරියේ හොරෙන් රෑට රෑට මැණික් ගරන්නේ, හොර පතල් කරන්නේ?