
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පොලිස් නිළධාරීන්ගේ ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු මෙරට නිශ්පාදිත අත්බෝම්බයක් සහ මන්නා පිහියක් සමග අද පස්වරුවේ අත්අඩංගුව ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 26 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
ජංගම සංචාරයේ යෙදී සිටී පොලිස් නිළධාරීන් තිදෙනකුට සැකසිතී සැකකරුව පරීක්ෂා කිරීමේදී ඔහු පොලිස් නිළධාරීන් සමග ගැටුමක් ඇතිකර ගෙන එහිදී රාජකාරි ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කර ඇති බවද පොලිසිය කීය.
එහිදී පොලිස් නිළධාරීන් දැඩි වෙහෙසක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඔහුව පරීක්ෂා කිරීමේදී මෙරට නිශ්පාදිත අත්බෝම්බයක් සහ අසල විදුලි පහන් කනුවක් අසල සගවා තිබූ අඩි එකහමාරක් පමන දිගැති මන්නා පිහියක් සොයාගත් බවත් පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd