(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් ත්‍යාග මුදල් වංචා කළ බව කියන එඬේරමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරියක් පෑලියගොඩ කොට්ඨාස වංචා විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.
මෙම පොලිස් සැරයන්වරිය තිස් පස් හැවිරිදි වියේ පසුවන දෙදරු මවකි
පොලිස් ත්‍යාග මුදල් වංචා කළේ යැයි කියමින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය සම්බන්ධයෙන් පැලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පොලිසියට පිස්සුද? තමන්ගෙ දෙපාර්තමේන්තුවේ සේවය කරන කෙනෙක් වරදක් කරල කියලා දැනගත්ත නම් විමර්ශනයක් කරල නිදහසට කරුණු විමසීමක් කරන්න ඕන.ඇය නිවැරදියි කියනවානම් විධිමත් විනය පරීක්ෂණයක් කරල දඩුවමක් දෙන්න ඕනි. වංචා කල මුදල් අයකර ගැනීමට කටයුතු කරන්න ඕන. රාජ්‍ය සේවයේ විනය කටයුතු නොකර හැම එකටම අත්අඩංගුවට අරගෙන අධිකරණයට ගෙනගියාම අධිකරණයේ අනවශ්‍ය නඩු ගොඩගැසීම සිදුවෙනවා. රජයේ සේවකයින් කරන මෙහෙම වැරදි වෙනුවෙන් මෙහෙම අත් අඩංගුවට ගැනීම් කර අධිකරණයට ගෙන ගියොත් ඒ සදහා පැරණි මැතිවරණ කොට්ඨාසයකම අධිකරණයක් පිහිටුවන්න වෙනවා.
පොලිසියේ වැරදි කරනවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ...
ඕව මොනවද??නාත්තන්ඩියෙ ගුරු මධ්‍යස්ථානෙක ගුරුවරුන්ගෙ සෙමිනා සල්ලි ගහ ගන්න එකෙක් ඉන්නවා.