(ගයාන් සූරියආරච්චි)
දැනට ක්‍රියාත්මක වන පාතාල හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයකු දුරකථනයෙන් මරණ තර්ජනය කර තිබේ.
ස්ථාවර රටකට යන තේමාව යටතේ මෙම මාධ්‍ය හමුවූ ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවති අතර ටිරාන් අලස් මහතා තේ පැන් සංග්‍රහයක් සඳහා අමුත්තන්ගේ කාමරයට ගිය අවස්ථාවේදී මෙම දුරකථන ඇමතුම ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
විදේශ රටක සිට පැමිණි මෙම දුරකථන ඇමතුම හරහා තර්ජනය කර ඇත්තේ තව පෝය හතක් ඇතුළත අමාත්‍යවරයා පිළිබඳ බලා ගන්නා බවට තර්ජනය කරමින් බව පැවසේ.
කෙසේ වෙතත් මෙම ගෙනයන මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නතර නොකරන බවද අමාත්‍යවරයා පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාට්‍ය ...
පරණ නාඩගමක් අලුත් මුහුණුවරකින් පෙන්වනවා. මෙදා නිෂ්පාදනය සාගරගෙන්..., වැඩේ කියන්නේ රඟපාන්නේ කිසිම පළපුරුද්දක්, හැකියාවක් නැති ආධුනික නළු බට්ටෝ ටිකක්. ඔවුන් පමණට වඩා රඟනවා... ඒ නිසා දැන් ත්‍රිලර් ඩ්‍රාමා එක කොමඩියක් වෙලා... සාගලට හිතුණොත් ප්‍රේක්ෂක ආකර්ශණය මදියි කියලා ඉස්සරහට එන ඡන්දය දිනාගන්න. සමහර විට ඒක ට්‍රැජඩියක් කරන්නත් පුළුවන් බව සමහර විට රඟන මේ මෝඩ නළුවන් නොදන්නවා ඇති. නමුත් ඒක ඔන්න අපි කලින්ම කිව්වා...
මේ දවස්වල කොම්බුවේ යන නාට්‍ය ලියන කෙනාද කොහේද මේ ඉන්නේ..
නාට්‍යක්ම නොවේ.. නාට්‍ය ක්ලිප් එකක්... ඇත්තටම මේ අය හිතාගෙන ඉන්නේ අපි තණකොළ කන මී හරක්මයි කියලාද? නොදකින් විතරක්....!
පෝය හතකට පස්සේ ඔවුන්ට කෙලවෙනවා කියලා ඔවුන්ම දන්නවා. ඒක නිසා මොනවා හරි ජඩවැඩක් කරලා ජනතා මනස වෙනස් කරන්නයි හදන්නේ. හැබැයි ජනතාව දැන් සතා කවුද කියලා තේරුම් අරන් ඉවරයි...!
සමහරවිට තව සල්ලි ඉල්ලලා වෙන්න ඇති LTTE එකෙන්...!
පෝය හතක් මඩ විමනක් සැදුනයි එ විල මැද නෙලුමක් පිපුනයි කියල තමයි කියන්න වෙන්නෙ
අර වොයිස් කට් නාමල් කුමාරයා රට ගිහිල්ලද? බලන්න මේ රංග පාන්න හැටි. මාධ්‍ය හමුවූ පැවැත්වූ විගස විදේශ රටකින් ඇමතිට ඇමතුමක් එවිල්ල. එතකොට ෂණික ඔවුන් ක්‍රයාත්මක වෙලා. අනික ඔවුන් කොහොමද කලින් දන්නේ මෙම මාධ්‍ය හමුවූ ගැන?
පව් අනේ...!
අල්ලගන්න පාතාලයින් පරලොව යවන්න. එකෙක් ඉතුරු කරන්න එපා. ජයවේවා..! ඊට විරුද්ධව කථා කරන්නේ පාතාලයින්ගෙන් යැපෙන අය...
අනේ පව්.. පුදුම කැපවීමක්නේ දෙයියනේ.. ඔය කෝල් එක දියවන්නාවෙන්ම ආපු එකක් වෙන්න බැරිද? මෙච්චර නටන්න ඕනෑද? අර මධුෂ් කොලුවා එහෙම වපුරපු නම් ගම් නැතුවයි... ඒ උන්දැලාව කුදලන් යන දා කවදා වේදෝ?
අපිට දේශපාලුවන්ගෙන් අපේ ජීවිත වලට තර්ජන...
උඩින් කමෙන්ට් දාලා තියෙන්නේ කුඩ්ඩෝ වෙන්න ඕනේ...!
මම දැන් කොහෙන්ද හිනාවෙන්න ඕනෙ කියලා කියන්නකෝ අනේ?