(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුතා පැදවූ මෝටර් රථය ගලගෙදර ප්‍රදේශයේදී සුදු ඉර කැපීම හේතුවෙන් ඔහුට රුපියල් 1,100 ක දඩ කොළයක් දී ඇති අතර ඔහු එම දඩ මුදල ගෙවා ඇතැයි පොලිසිය කියයි.
මුලින් දඩ කොලය ලියා සිටීමෙන් වැළකී සිටීම සඳහා ඇමති ඩිලාන් ටිරාන් අලස් මහතාගේ පුතා යම් මුදලක් ඉල්ලූ බව තියෙන බවට තොරතුරු වාර්තා වන නිසා පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ලලිත් පතිනායක මහතා විසින් මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාට උපදෙස් ලබා දී ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ අනුව මේ ගැන පුළුල් හා විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මහනුවර පොලිස් අධිකාරිනී ජානකී සෙනෙවිරත්න මහත්මිය පත් කර ඇත.
පොලිස් අධිකාරිනී සෙනෙවිරත්න මහත්මිය ගලගෙදර පොලිසියට ගොස් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දඩ කොලය නොලියා යම් මුදලක් පොලිස් නිලධාරීන් දෙදෙනා ඉල්ලූ බව කියන අවස්ථාවේ ඇමතිවරයා ගේ පුතා තමා කවුදැයි හෙළි කර තමා වරදක් කර ඇති නිසා ඒ වෙනුවට දඩ කොලය ලබා දෙන ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනාට දැනුම්දීමක් කර ඇතැයිද පැවසේ.
ඇමතිවරයා ගේ පුතා වුවත් තමන් කළේ වරදක් නිසා තමන් දඩ දඩකොලය ගෙවා දැමීමට කිසිසේත් පසුබට නොවන බව කියාතිබෙන බවද පැවසේ.
පොලිස් නිලධාරීන් දෙදෙනා ඇමති පුතා ගෙන් එම දඩ කොළය දරුපියල් 1,100 මුදලක්ද ඉල්ලාගෙන පොලිස් යතුරු පැදියෙන් තැපැල් කාර්යාලයට ගොස් අදාල දඩ මුදල ගෙවා එහි එහි රිසිට් පත ද රැගෙන පැමිණ රියදුරු බලපත්‍රය සමග එම රිසිට් පත ඇමති පුතාගේ අතට පත්කර තිබේ.
අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුතාගේ මෙම ක්‍රියාව දැනගත් බොහෝ පොලිස් නිලධාරීන්ඔහුගේ නිහතමානීකම ගැන ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කර ඇතැයි ද දැන ගැනීමට ඇත.
සමහර ඇමැති පුතුන් පොලිසියට දැමූ පාට් ගැන හොඳ හැටි දන්නා පොලිස් නිලධාරින් ටිරාන් අලස් ඇමතිවරයා ගේ පුතා දඩ කොලය ලියන අවස්ථාවේ දී චණ්ඩි පාට් නොදමා කිසිදු කලබලයකින් තොරව අනන්‍යතාවය හෙළි නොකර දඩ කොලය ලබා ගැනීම ගැන පොලිස් නිලධාරීන් මවිතයට පත්ව ඇතැයිද කියති.
මේ සිද්ධිය දැනගත් බොහෝ පොලිස් නිලධාරීන් කියන්නේ වෙනත් දේශපාලනඥයකුගේ පුතකුට දඩ කොළයක් ලිව්වා නම් එම දඩ කොළය ලියූ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීමක් ලැබෙනු ඇතැයි කියාය.
පොලිසිය බාර ඇමැතිවරයා වන්නේ ද අමාත්‍ය ටිරාන් අලස් මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සමහර රටවලත් සිද්ධ වෙනවද, සිදුකරනවාද දන්නේ නැහැ. හැබැයි නිලධාරීන් දෙදෙනාට අනවශ්‍ය ලෙස මහජන මුදල්වලින් තෙල් පිච්චුවාට දඬුවම් කරන්න ඕනෑ. පිට කොන්දක් නැති නිලධාරීන්....!
ඇමති පුතාගේ මුදල් වුණත් එතකොට පොලිස් නිලධාරීන් ගිහින් දඩේ ගෙවපු එක හරිද මන්දා...?
මේ ළඟදී ප්‍රසිද්ධ වෙච්චි පැන්ඩෝරා ලියවිලිවලට අනුවනම් මෙහි වරද කොතැනද? බ්‍රිටිෂ් වර්ජින් රටේ ලියාපදිංචි ආයතන නැතිකමද?
ඇත්තටම වුණා නම් අගය කළ යුතුයි. රඟපෑමක් නම් හෝ හෝ හීං සීරුවේ පොලිස් නිලධාරීන්ට මාරුවක් එහෙම දුන්නා නම් එයත් තව දේශපාලන ජවනිකාවක් පමණි.
ඔක්කොම හොඳට කරලා අන්තිමට කාලානේ... වෙන මිනිස්සුන්ගේත් දඩ කොළ දුන්නාට පස්සේ පොලිසියෙන් ගිහින් දඩ කොලේ ගෙවලා එනවාද?
ඔතැන සිද්ධිය සම්බන්ධ අය හිටපු ඉතාමත් වැදගත් විදුහල්පති කෙනෙකුගේ මුනුබුරෙක් නිසා එහෙම වෙන්න ඇති... ඒත් මෙතැනත් සත්‍යම වරදක් කරලා තියෙන්නේ ත්‍රීවීලර් කාරයෙක් කියලා හිතෙනවා. උන්දැලා මාර්ගය බදු අරගෙන වෙනත් කෙනෙකුට යන්න බැරිවෙන ආකාරයට තමයි යන්නේ ඔවුන්ගේ පස්සෙ ආපු කෙනෙක් ඉස්සරහා ඉඩක් තියෙනවා දැක්කාම ඉස්සර කරයනවා. කාරයක් තියෙන කෙනෙකුට ඔහොම කිරීම සුදුසු නැහැ ඇත්තටම ත්‍රීවීලර් කාරයෝ මාර්ගය අවහිර කිරීම ගැන නොසොයන්නේ ඇයි... එනිසා ඉදිරියේවත් මේ ටුක්ටුක්කෝ කරන මාර්ගය අවහිර කිරීම් ගැනත් සිතන්න පොලිස් නිලධාරින්ට නුවනැස පහළවේවා...!
වල් වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට නුඹලාගේ හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කළ කළ දේ පලපල දේ.
අපි හිනා වෙන්න ඕනෙ දැන් මොකෙන්ද මේකට?
හොඳයි...!
අනේ පවුනේද ඇමැති පුතා...?
"පොලිස් නිලධාරීන් දෙදෙනා ඇමති පුතාගෙන් එම දඩකොළය රුපියල් 1,100 මුදලක්ද ඉල්ලාගෙන පොලිස් යතුරු පැදියෙන් තැපැල් කාර්යාලයට ගොස් අදාල දඩ මුදල ගෙවා එහි එහි රිසිට් පත ද රැගෙන පැමිණ රියදුරු බලපත්‍රය සමග එම රිසිට්පත ඇමති පුතාගේ අතට පත්කර තිබේ.".. මේ සිරි ලංකා පොලිසියද?
මේක සම්පූර්ණයෙන්ම ගොතපු කතාවක්, අපි අහුවෙයි ඕවාට...!!!
පුතා ගෙවන්න ඇත්තේ තාත්තාගේ සල්ලි වලින්. තාත්තා රටේ ජනතාවගෙන් හොරකම් කරපු මුදල් වලින්...!
ඇයි කලින් නොකිව්වේ? නීති දෙකක්, මෙහෙමත් මස්ත බාල්දුවක් දඩ ගෙවන්නත් ගියා... ඒ පුද්ගලයාට කියන්න තිබුණා මම ගිහින් ගෙවන්නම් කියලා, දේශපාලන තනතුරු ටික දවසයි... ඇයි බයවෙන්නේ, හොඳ වෙලාවට අධිකරණය එහෙම නොවුණේ...!
ලස්සන ඩ්‍රාමා එක ඒත් අවසානේ වන කරන්... අපේ දඩ කොළේත් පොලීසිය ඉල්ලන් ගිහින් ගෙවනවාද? නැත්නම් පොලිසියේම සල්ලිවලින් ගිහින් ගෙවලා දාන්න නියෝගයක් කළාද කව්ද දන්නේ...? රස්සාව බේරාගන්න එහෙම කරන්න වෙනවානේ රාළහාමිලාට...!
මුදලත් දඩකොලයත් අරගෙන ගෙවල එනතුරු රියදුරු රදවා ගත්තෙ මොකටද ඔහුට යන්න දෙන්න තිබුනා ඒ වගේම පොලිස් නිළධාරි තමන්ගෙ රාජකාරිය පැහැර හැර වරදක් කල කෙනාගෙ දඩයක් ගෙවන්න ගියා මේ පොලිස්කාරයටත් රාජකාරි පැහැර හැරීම ගැන දඩුවමක් දියයුතුය
මගේ දඩකොලේ ගිහින් ගෙවලා ආවේ නැහැනේ... මම සුදු ඉර කපපු වෙලාවේ... අනික මම කවුද කියලා ඇහුවේත් නෑ.
මම හිතාමතාම පොලිස් නිලධාරියෙක් ඉදිරියේ නීතිය කඩකරනවා. දඩකොළය ඔවුන් විසින් තැපැල් කන්තෝරුවට ගොස් දඩය ගෙවීම බලාපොරොත්තු වෙනවා.
ලංකා සී නිවුස්වල මෙම සටහන යොදා තියෙනවා. මෙම නිලධාරීන් දෙදෙනා නීති විරෝධී කටයුත්තක් කර ඇති බවටයි... කොයි නිව්ස් එකද හරි?
අනේ මේක අනුර කුමාරගේ පුතා කරා නම් අවංකයෝ ටික පිනුම් ගහනවා. මේකේ සමහරක් පුච්චපු පෙට්‍රල් ටික ගැන කතා කරනවා. එතකොට රස්සාවක් නොකරන කුමාරගේ අය ගතකරන සැප ජීවිත ගෙවන්නෙත් අනුන්ගේ සල්ලි වලින් තමයි...
අනේ අපිටත් එහෙම වැරැදි කරන්න දඩකොලේ ගෙවන්න හදලා දෙන්නකෝ... මොනවා වුණත් මේක හොඳටම වාර්තා කරලා තියෙනවා. ස්තුතියි...!
අපි කොණ්ඩෙ බැඳපු චීන්නු නෙවෙයි. ඔවුන්ට කිව්වා නම් හරි...
ඇයි ඇමැති පුතාට දඩ ගෙවීම අකැපද. මෝඩ චූන්.
අපේ රටේ උන්ට පිස්සු. මේවා news නෙවෙයි. වරදක් කලාම දඩයක් ගෙවන එක සාමාන්‍ය දෙයක්. ඇමති ගේ පුතා කියන්නේ ශක්‍රයාට ජාතක වෙච්ච එකෙක් නෙවෙයි. ඌට තියෙන්නේ ත් අනිත් උන්ට තියෙන නීතියම තමයි
අනිත් අයගේ දඩ කොලත් පොලිසිය විසින්ම ගෙවා දමන ක්‍රමයක් ඇතිකලොත් අගනේය!
එතකොට අපේ දඩ කොළ ගෙවන්නත් පොලිසිය යනවද ?අනේ මේ වගේ කොන්ද පන නැති පොලිසියක්
බොල් චරිත පුම්බන සුරංගනා කතා. ඇයි බන් මේව නිව්‍ස් වෙන්නෙ.
ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ.