(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් අණ නොතකා පලාගිය වෑන් රථයක් පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් ස්ට්‍රේට් පුර ප්‍රදේශයේ දී වෑන් රථය නවතා පරික්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 30 කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා පැවසීය.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී එම වෑන් රථය නැවැත්වීමට සංඥා කර ඇති අතර එම සංඥා වලට අවනත නොවී පලා යාමට උත්සහ දරා තිබු බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම පේසාලේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd