IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


පැලවත්තට පවරාගෙන ඇති බලය පාර්ලිමේන්තුවට දෙන්න

(අංජුල මහික වීරරත්න)

පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ජනාධිපතිවරයා වහා ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතමින් අද(3) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන් කැඳවා වහා එම තීරණය ගත යුතුව තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් වර්තමානයේ රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපති සහ අගමැති කාර්යාල වල ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන නැතැයි කී හිටපු ජනාධිපතිවරයා පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය ප්‍රධාන ආපදා මෙහෙයුම් කාර්යාලය බවට පත් වී ඇතැයි ද කීය. රට මුහුණ දී සිටින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින් සමඟ පැවැති මෙම සාකච්ඡාව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි.

 



අදහස් (40)

පැලවත්තට පවරාගෙන ඇති බලය පාර්ලිමේන්තුවට දෙන්න

Don perea Wednesday, 03 December 2025 06:19 PM

හරියටම හරි....

:       118       45

AsinthaWednesday, 03 December 2025 08:00 PM

කන්නේ බත්ද නැත්නම් පුන්නක්කුද?

:       29       85

ජින්තුThursday, 04 December 2025 11:51 AM

සිරිකොතෙන්, මැද මුලනෙන් පාලනය කරපුවා මතක් වෙලා වෙන්නැති.

:       3       2

වින්සන්ට් කජ්ජා Wednesday, 03 December 2025 06:23 PM

බටලන්දට පවරා ගත්තේ මිනිස්සුන්ගේ ජීවිත ගැන තීරණය කරන එක. ඒක ගැන තවම කවුරුවත් හරියට කතා නෑ. රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් සවාරි ගහපු අයිතියට නම් ලඟදීම හම්බවෙයි.

:       36       147

පුරවැසියා Wednesday, 03 December 2025 06:24 PM

තනි ධමනි බහිරවයා...

:       29       110

nipuna Wednesday, 03 December 2025 06:26 PM

දැන් නම් මෙතුමාගේ මොළේට යන නහරත් අවහිර වෙලා වගේ. මෙයා ප්‍රවෘත්ති බලන්නෙ නැද්ද?

:       25       112

saman Wednesday, 03 December 2025 06:32 PM

මොනවද මේ දොඩවන්නේ...?

:       26       100

Rata Perata Wednesday, 03 December 2025 06:36 PM

තීරණවලට පයින් ගහපු කෙනෙක් මේ කතා කියන්නේ. මේ වගේ වයසක සීයා කට වහගෙන ඉන්නවා නම් හොදයි. අනිත් එක ධමනි 3ක් වැඩ නෑ කියලා අධිකරණය නොමග යැව්වාට දඩුවම් විදින්න බලාගෙන ඉන්න.

:       21       96

sachith Wednesday, 03 December 2025 06:41 PM

පිළිගන්න තිබ්බ වෙන කවුරු හරි කීවා නම්.. ගරු අධිකරණයෙන් රටේ ව්‍යවයස්ථාව උල්ලංඝනය කරා කියලා අච්චු කරපු එකෙන් නොවුණා නම්...

:       20       87

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 03 December 2025 06:50 PM

හත්වලාමයි, මුන්දෑ තාමත් ජීවතුන් අතරද? අපි උන්නේ ගං වතුරට මුන්දැගේ වැල් පාලමත් එක්කම ගහගෙන ගොහිං කියලා නොවැ.

:       17       71

Pradeep Wednesday, 03 December 2025 06:54 PM

දැන් මොලේත් විකාර වෙලා... තනි ධමනියෙන් දුවන හින්දා වෙන්න ඇති... කොහේවත් නැති විකාර කියවනවා.

:       17       70

පිස්සු යකෙක් Wednesday, 03 December 2025 06:57 PM

අපි පොඩිකාලේ ඉදලා මේකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ඇමැති අගමැති ජනාධිපති වෙලා කොරගන්න බැරිව හොම්බ බිම ඇනිලා දැන් එනවා උපදෙස් දෙන්න. තොපි කරපුවා තමා මේ අපි පොලිත් එක්ක ගෙවන්නේ... දැන් වත් වෙන කෙනෙකුට දීලා පැත්තට වෙලා හිටියොත් හිරේ යද්දී හරි මිනිස්සු දුකක් වේවි...

:       19       76

කපුරුහාමි Wednesday, 03 December 2025 06:59 PM

මාරාන්තික ලෙඩ රෝග කන්දරාවක් තියෙන, ධමනි වැඩ කරන්නෙත් නෑ කියලානේ කිව්වේ...? විපක්ෂයේ දූෂිත දේශපාලුවන්ගේ ජඩ හැසිරීම ගැන අපි දැක්කා.. බලය නැතුව ඔහොම නම් ඔවුන්ට බලය දුන්නා නම් කොහොම ඉදීවිද?

:       16       72

පිටිගල මිලානෝ Wednesday, 03 December 2025 07:00 PM

අනුර දැනටමත් ඉන්නේ හරි පාරේ… රට ගොඩ ගත්තොත් මුන්ට ආයේ දේශපාලනය කිරීමට හිතන්න වත් බෑ. මුන්ට ඕනේ කොහොම හරි සියළුම අය කූඩාරම් වලට ගාල් කරලා නැවත චන්දයක් එනතුරු තියා ගන්න.

:       20       73

m. saman perera Wednesday, 03 December 2025 07:34 PM

රට සෙල්ලමට අරන් රට කාපු හැතිකරයෙන් කෙනෙක්...

:       16       56

මාලිමා පෙන්දා Wednesday, 03 December 2025 07:34 PM

මේවගේ පැන පැන කාටත් ගරහන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පළපුරුදු, මුහුකුරා ගිය ඕනෑම කෙනෙකුට ගැරැහීම ඔවුනගේ න්‍යායයි. කිසිම වෙනත් අදහසක් දරා ගැනීමට තරම් ඔවුන්ට පුළුල් මානසිකත්වයක් නැත. අමුතුම මාන්නයකින් පෙළෙන් , අසංවර සහ ගැටෙන්නටම මාන බලන මේ සුළුතරය කිසිදාක යහ මගට ගත නොහැක. ඔවුන්ගේ මොළයේ ලිම්බික් පද්ධතිය විනාශ වී හමාරයි...

:       50       22

මංබයියා Wednesday, 03 December 2025 09:04 PM

සීයට සීයක් එකඟයි. අපේ වීරයින්ට විවිධ අදහස්වලින්, විවිධ ක්‍රමවලට හොරකම් කරන්න, මිනීමරන්න අයිතියක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් ආයෙත් බේරේ නාන්න සූදානම්...

:       0       0

ChithraThursday, 04 December 2025 07:30 AM

මාලිමා පෙන්දා කියන්නේ සහතික ඇත්ත...

:       1       0

ගමේ එකාලා Wednesday, 03 December 2025 07:35 PM

තමුන්ටවත් හරියට වැඩක් කරගන්න බැරිව ජනතා මුදල් කාබාසිනියා කරමින් උපදේසකයෝ තිස් ගාණක් තියාගෙන හිටපු පින් ජනපතියා. 2048 රට ගොඩදාන්ඩ හිතාගෙන හිටියේ? තමුන්ගේ උපදෙස් වලින් නම් වැඩක්ම නැහැ.

:       12       60

පුතනෝ Wednesday, 03 December 2025 07:36 PM

රනිල් බලන්න උඩ තියෙන කමෙන්ට්ස්. ලැජ්ජාවක් තියෙනවා නම් කට වහගෙන ඉන්නකෝ වද නොදී.

:       14       63

Wijepala Wednesday, 03 December 2025 08:24 PM

කමෙන්ට්ස් බැලුවා නම් දැනට තියෙනවාලු කියන සතර අපායන්ට අමතරව ලංකාවේ එවුන්ටම තවත් අපායන් හතරක්ම හදන්නට සිදුවෙනවා.

:       9       36

ආර්. ගල්කන්දWednesday, 03 December 2025 09:28 PM

වැලිකඩ හරහා යථා කාලයේදී කෙලින්ම කැමති අපායකට ට්‍රාන්ස්පෝට් සපයන්නත් පුලුවන්.

:       0       0

ගුණරත්න Wednesday, 03 December 2025 10:03 PM

දැන් පැලවත්තේ කබ්බෝ ගර්ජනා කරනවා ගත් බලය දෙන්නේ නැහැ කියලා, අපි කලින් කිව්වා වගේ මේ අය මැතිවරණ සිතියම අකුලා දමලා ඒකාධිපති ආණ්ඩුවක් කරා තමයි මේ යන්නේ...

:       0       0

Don perea Wednesday, 03 December 2025 10:15 PM

ආණ්ඩුවේ ලොන්ඩරි ටික බරට වැඩ.

:       0       0

Nihal Wednesday, 03 December 2025 10:33 PM

අධිකරණයත් නොමග යවපු කෙනෙකුට ජනතාව ගොනාට අන්දවන සුළු දෙයක්...

:       0       0

Ruwan Wednesday, 03 December 2025 11:07 PM

පැළවත්තේ නෙවෙයි, ඕක රත්වත්තේ තිබුණත් කමක් නෑ. වැඩේ කෙරෙනවා නම්...

:       3       1

Perera Wednesday, 03 December 2025 11:45 PM

පැළවත්තේ 159 දෙනාට බලය දුන්නේ රටේ ජනතාව... අනිත් අයව පාර්ලිමේන්තුවෙන් එළවා දැම්මත් රටේ ජනතාව බව මතක් කරගන්න.

:       3       1

රාලහාමි Thursday, 04 December 2025 12:12 AM

මේ ෆොටෝ එකේ ඉන්න හොර තක්කඩි මිනීමරුවන්ගෙන් 80% පමණ නඩු තියෙනවා, නැත්නම් දැනටමත් ඇප පිට ඉන්නේ. රනිල් සීයාට නම් ජනවාරියේ නඩුවෙන් සුවිප් එක ඇදෙයිලු. දැනටමත් එංගලන්තයේ විශ්ව විද්‍යාලයෙන් කියලා තියෙනවා...

:       2       2

G.T.gunasekara Thursday, 04 December 2025 12:13 AM

අනේ රට කාලා මහ බැංකුව කොල්ල කාලා දැන් විකාර කියවනවා. නුඹලා තමයි මැරෙන්න ඕන...

:       3       1

Milan Thursday, 04 December 2025 02:18 AM

එහෙම කොහොමද රනිල්. මාලිමාවට තමයි අයිති...

:       2       0

Nishan Thursday, 04 December 2025 03:45 AM

රනිල්ට කියනවා උඩ තියෙන කොමන්ට්ස් බලන්නලු. ඒ කොමන්ට්ස් ඇවිල්ලා තියෙන්නෙත් පැලවත්තෙන් තමයි. පැලවත්තේ කුලියට ලියන බලකායෙන්. ඒ කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට තිබුණු මුදල් පාලන බලය තමුන්ගේ හිතවත් මුදලාලිලා කීප දෙනෙක්ට දීලා තියෙනවා. ඔවුන්ට අණ දෙන්නේ පැලවත්තෙන්. මේ තත්වය දරුණු ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වගේම, විඝණන නීති උල්ලංඝනයක්. මේවාට කවදා හරි උසාවි, හිරේ ලගින්න වෙනවා.

:       1       4

Rasi Thursday, 04 December 2025 04:57 AM

"ඕවා දෙනු පරහට තමා සම්මතේ සිට" සිරිකොතේ ඉදලා ඔක්කෝම අවුරුදු විස්සක් විතර පාලනය කරලා, ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද යන්නවත් පක්ෂය තුළ අයට ඇසීමටවත් නොදුන්, අවසානයේ පක්ෂයත් විනාශ කරගෙන, ඇප නැතිවෙච්චි, රාජපක්ෂ සෙට් එකට පින්සිද්ද වෙන්න ජනාධිපතිකම හම්බ වෙච්චි පිනා චාන්ස් පොරක් කියන කතා තඹ සතේකට වත් ගණන් ගත යුතු නොවේ...

:       2       3

maalaka Thursday, 04 December 2025 05:40 AM

කරුණාකර මේ හාදයාගේ බෙහෙත් වේල වරද්දන්න එපා. පේනවනේ කෙළින පිස්සු...

:       3       2

Shantha Thursday, 04 December 2025 05:45 AM

අනේ මිස්ටර් කජු... කට වහගෙන ඉන්න. හතර පෝයට සිල් ගන්න.

:       3       2

don Thursday, 04 December 2025 07:13 AM

නිමල් සිරිපාල එතැනත් නිදි...

:       2       1

fairoos Thursday, 04 December 2025 11:36 AM

පාස්කු ප්‍රහාරයට කළින් අනතුරු අගවෙලත් නවත්තගන්න බැරිවුණු කෙනා නේද මෙයා...?

:       3       2

Rohana Thursday, 04 December 2025 12:17 PM

ගෙදර නිකම්ම ඉන්න කම්මැලි හින්දා කාලය ගෙවාගන්න ඉදහිට මොනවා හරි මාතෘකාවක් ගැන රැස්වීමක් දේශනයක් තිබ්බට කමක්නැහැ. වෑල් 3ම බ්ලොක්වෙලා ඉන්න වෙලාවේ හිත සතුටින් තියාගන්න පමණක් එහෙම කරනවා මිසක් එතැනින් එහාට දගලන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

:       3       2

සිරි දාස Thursday, 04 December 2025 12:59 PM

කරුනාකර රට කාපු කේස් එක පැත්තකට වෙලා හිටු. මේ මිනිස්සු දෙන සුපිරි ගේමට හරස් කපන්නේ නැතිව...

:       3       2

Sawa Thursday, 04 December 2025 01:27 PM

පැලවත්තේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ... ඒකවත් මතක නැද්ද?

:       4       3

RS Thursday, 04 December 2025 02:47 PM

ආපදාවෙන් ගේමක් ගහන්න ප්ලෑන් කරන ගමන් බව තේරෙනවා.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 201 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site