(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර පල්ලිය මුල්ල හන්දියේදී ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චතුරංග හෙවත් චතු නැමැත්තා අද (27) අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූයේ සඳරුවන් ලක්ෂාන් පෙරේරා නැමැත්තෙකි.ඔහු රැකියාව ලෙස ධීවර කටයුතුවල යෙදී ඇත.
ඉකුත් 25 වෙනිදා මෙම ඝාතනය සිදු විය.
ඝාතනය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියට අමතරව තවත් පොලිස් කණ්ඩායම් තුනක් ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd