(ඩබ් ඒ පියතිලක)
සෝමාවතීය ජාතික උද්‍යානයට යාබදව ඇති පේරක කලාපයේ පල්ලියගොඩැල්ල මලල්ආරුව ප්‍රදේශයේ වගාකරුවන් විසින් වසර 100ක් පමණ පැරණි පලු ගස් 15ක් පමණ කපා දමා කුට්ටි කර රැගෙන ගොස් ඇති බව උද්‍යාන භාරකරු ඩබ්. එච්. එල්. කේ. වාසල මහතා කීය.
සෝමාවතීය ජාතික උද්‍යානයේ භාරකරු ඩබ්. එච්. එල්. කේ. වාසල මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.
‘අපේ වනජිවී උද්‍යානයට අයත් ස්ථානයක මේ දේ කලා නම් එක මොහොතක්වත් යන්න කලින් මේ අපරාධය කරපු අය මේවන විටත් මහ උළු ගෙදර යවලා ඉවරයි. නමුත් අපිට අයත් ප්‍රදේශයක නෙවෙයි මේ අකටයුත්ත වෙලා තියෙන්නේ. සෝමාවතිය ජාතික උද්‍යානයට යාබදව ඇති පෙරක කලාපයක වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයක්. මේ පල්ලියගොඩැල්ල මලල්ආරුව ප්‍රදේශය භාරව කටයුතු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. නමුත් ඒ අයගේ අවසරයක් නැතිව මේ වටිනා ගස් කපා විනාශ කරන්න බෑ. නමුත් මේ ප්‍රදේශයේ ගොවිතැන් කිරීමට අවසර ලබා දිලා තියෙනවා.’
‘ඒ දිලා තියෙන්නේ සෝමාවතීය ජාතික උද්‍යානයට යාබදව ඇති පෙරක කලාපය තුළ එක් ප්‍රදේශයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව තිබෙනවා. ඒ ප්‍රදේශයේ වගා කරන අය තමයි මේ වසර සියක් පමණ විශාල ගස් කපලා කුට්ටි කරලා අරන් ගිහින් තියෙන්නේ. ඒ ගස් තිබුණා කියලා කිසිම වගාකරුවකුටවත් වෙනත් අයටවත් කිසිම හානියක් නෑ. හරියටම කාන්තාරයක් වාගේ. මේ කිසිවකුගෙන් කිසිදු අවසරයක් නොමැතිව මේ විදියට ස්වභාව පරිසරය විනාශ කිරීම තුළින් මෙම වනාන්තරවල ජිවත්වන සතා සිව්පාවාට සේම මිනිසාටත් දැඩි ලෙස බලපැම් ඉදිරියේදී ඇති විය හැකියි.’




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලු ගස් 15ක් කපලා කුට්ටි කරනකොට කාටවත් ඇහුනේ පෙනුනේ නැද්ද? දැනටමත් වෙන පරිසර හානි පෙනී පෙනී මෙහෙම වැඩ කරන්න? අනිවාර්යයෙන් දේශපාලන කෙරුම්කාරයෙක් ඇති පිටිපස්සෙන්.
මෙච්චර විශාල ගස් කපනවා. කිසිම කෙනෙකුට ඇහුණේ නැද්ද?
ඔක්කොම ඉවර වුණාට පස්සේ තුවක්කු අරන් ඇවිත් ෆොටෝ ගැහුවට කපන අය හොඳ නිවිසැනසිල්ලේ ගස් ටික කපන්න ගිහින් බවයි පෙනෙන්නේ...
මේ සියලුම කෙනෙහිලිකම් වලින් බේරෙන්න අවස්ථාවක් නොවැම්බර් 16 එනවා. ඔලුව කල්පනාවෙන් වැඩකරලා අපේ රටේ අනාගතය හදාගනිමු..
ඡන්දෙට පෙර පරදින බව දැන ගත්ත ගමන් කරන වැඩ
අනේ මගේ පපුව හෝර්ස් ගාල පත්තු උනා මේ කරපු අපරාදේ දැකල , දෙවියනි ඔබ කොහිද ?
ජාතික උද්‍යානයක් නම් මොන එකකටද මේක ඇතුලේ ගොවිතැන් කිරිමට අවසර ලබා දිලා තිබෙන්නේ? සතා සිව්පාවා ගැන කියන්නේ මෙතන වගා කරන කොට සතුන් ඉන්නේ කොහොමද? උන්නත් වගා කරපු මිනිස්සු ඇවිල්ල සතුන් මරනවා නේද? මොලයක් නැද්ද?
කොහොමත් ඔටුවෝ කැමති කාන්තාරවල ජිවත් වෙන්න