(රොමේෂ් මධුෂංඛ)
යාපනයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පසුගිය දා ඡාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් විවෘත වූ යාපනය පලාලි ගුවන්තොටුපලේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබේ.
යාපනය දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පලාලි ගුවන්තොටුපළට ද බලපා ඇති අතර නැවත පිළිසකර කරන ලද ගොඩනැගිලි පිහිටි ස්ථාන කිහිපයක් හා මාර්ගයේ ස්ථාන කිහිපයක් යටවී ඇත.
කෙසේ වෙතත් වර්ෂාවෙන් හෝ වැසි ජලයෙන් යටවීම හේතුවෙන් ධාවන පථයට හෝ ගුවන්තොටුපලේ කිසිදු ස්ථානයකට හානියක් සිදු වී නොමැති බව ගුවන්තොටුපලේ බලධාරීහු පවසති.
පසුගිය 17දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර ගුවන් තොටුපළ විවෘත කිරීම සංකේතවත් කරමින් ඉන්දියන් එලායන්ස් ගුවන් සේවයට අයත් යානාවක්ද එදින පලාලි ගුවන්තොටුපල වෙත පැමිණියහ.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර ඉන් රුපියල් මිලියන 1,950ක් ශ්‍රී ලංකා රජය අයෝජනයකර ඇති අතර ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ද ඒ සඳහා ආයෝජනය කර ඇත.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ වී ටිකක්වත් ගබඩා කරලා තිබ්බනම් වපුරා ගන්න තිබුනා.
මේක අදියර කිහිපයක් යටතේ සංවර්ධනය කරන්නේ. මුලිකම පියවර ලෙස කරේ ආසන 72 ට අඩු ගුවන් යානා ගොඩ බැස්සවීමට හැකියාව ලැබෙන පරිදි පහසුකම් ගොඩ නැගීම සහ එය විවෘත කිරීම. මේ දැක්වෙන්නේ අනික් පියවරවල් වල වැඩ කටයුතු. ඒවා තවම ඉවර නැහැ. කාණු පද්ධති සාදමින් පවතින්නේ. කඩවත- නුවර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු බලන්න ගියාමත් මෙහෙම වතුර ගලලා දිස්වෙන්නේ. කලින් දක්ෂිණ අධිවේගය හදද්දි කොපමණ ගෙවල් යට උනාද වර්ෂාව නිසා? වන්දි පවා ගෙව්වා වැසි හානි නිසා. ඒත් වැඩ ඉවර උනාම කාණු පද්ධතිය දැම්මම මේ ගැටළු මගහැරෙනවා.
කිසිම හිරිකිතයක් , ලැජ්ජාවක් , බයක් නැතුව මුලික වැඩ ටිකවත් අවසන් කරන්නේ නැතුව තමන්ගේ නම් ගහගෙන මේ වගේ ව්‍යාපෘති ජනතාවගේ අයිතියට පත්කරන්න උත්සව තියන්නේ කොහොමද කියල මට නම් හිතාගන්නවත් බැහැ. මෙතන ගොඩනැගිලි කියල මොනවද තියෙන්නේ . ඔක්කොම කන්ටේනර් පෙට්ටි නේ . මීටර් 950 ක ගුවන් පථයත් ඉතාම බාල ප්‍රමිතියෙන් හදල තියෙන්නේ . ජාත්‍යන්තර ගුවන් තොටුපොල කියන වචනයටත් ඉතාම නින්දාවක් මේක . මේක පවතින්නේ ඇත්තටම ජනතා අයිතියට පත්කලයුතු මට්ටමක නෙමෙයි .
කෝ මේ අවුරුද්දෙන් කරා කියලා කෑ ගහපු සූත්තර පුංචා!
කෝටි ගානක් වෙන්කරලා ලක්ෂ ගණනකින් වැඩ ඉවර කරපු ව්‍යාපෘතියක්
කැලේ කපලා, සුද්ද කරලා, පාරක් හදලා, කන්ටේනර් පෙට්ටි ටිකක් තියලා නම් ටික ගහගෙන ලොකුවට සමරු ඵලකයක් ඇරපු ගුවන් තොටුපොල. නියමයි. ඉන්දියාවේ උවමනාවට ඡන්දෙන් ඉස්සෙල්ලා කරලා දීපු වැඩක් .
මේ රජයේ හැම වැඩක්ම ප්‍රෝඩාවක්.
මේවට අදහස් දාන ගොඩාක් දෙනකු ඇත්ත නොදැන අදහස් බලල අදහස් දානව. ලංකාවට වෙලා තියෙන්නෙ මේ පාට කන්නඩි දාගෙන ප්‍රතිචාර දාන මෝඩ අයගේ ප්‍රතිචාරවලට සහය දම දමා ඉන්න එක විතරයි. මම දන්න තරමට සමීර ගලප්පත්ති මහත්තය විතරයි හරි දේ කියල තියෙන්නෙ . මත්තල තරම් මේකට වියදම් ගිහින් නෑ. මත්තල ඇ ඩො මිලියන 240ක් වියදම වුණා නමුත් පලාලි මේක හදන්න ඇ ඩො මිලියන 6 ක සමාන වෙන රුපියල් ප්‍රමායක් වත් වැයවී නෑ. මම දන්නව නොවැම්බර් පලවෙනිදා සිට හැම දිනකම ගුවන් යානයක් පැමිනීමට දැනටමත් ගුවන් කාලසටහන් හදල තියෙන්නෙ
මේක හම්බන්තොටට වඩා ලස්සනට වැඩි වියදමකින් හැදුවා නම් බොහෝ දෙනෙක් කියන්නේ දකුණට නැති සැලකිලි උතුරට කියලා. ඒ අපේ හැටි...