
(ලාල් එස් කුමාර)
පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ උඩුමහලේ පලතුරු වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයන්ට හා පාරිභෝගිකයන්ට විවිධ ගැටලු හා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී ඇතැයි චෝදනා කරමින් එම ව්‍යාපාරිකයෝ හා සේවකයෝ උද්ඝෝෂණයක් නිරත වූහ.
එම ගැටළු නිසා ඔවුන්ගේ අලෙවිය පහත වැටී ඇති බැවින් ගැටලු කඩින්නමින් විසඳා දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට අවස්ථා කීපයකදී ඉදිරිපත් කළ නමුත් මේ වනතුරු එයට ප්‍රතිචාරයක් නොමැති බැවින් වහා මේ පිළිබඳ සොයා බලා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.

COMMENTS
කෝ දැන් අර මහා ලොකු සද්දෙන් පටන්ගත්තු ක්ලීන් ශ්‍රී ලංකා?
හොඳ පලතුරු සාධාරණ මිලකට විකුනුවනං කවදාවත් පාඩු වෙන්නෙ නෑ. මිනිස්සු හොයාගෙන ඇවිල්ල ගන්නෙ. පරණ, තැලුනු, කුණුවෙච්ච ඒව විකුණන කොට ඉතිං ඔහොම තමයි.
සාධාරණ මිලට පලතුරු විකුණනවා නම්, තමන් ඉන්න පරිසරය පිරිසිදුව තබා ගන්නවා නම්, මිනිසුන් ඔතැනට ඇවිත් පලතුරු ගනී. මොකද, දැන් මිනිසුන්ට පලතුරු ගන්ට පුළුවන් ඔතැන විතරක් නෙවේනේ...
ගලවපු මිදි වලු දැන් පරනයි. මිනිසුන් ගන්නේ නැහැ