IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාලම ගංවතුරට ගිහිං : ගම් දෙකක් පාරුවෙන් එක් කරයි

අජිත්ලාල් ශාන්තඋදය


රත්නපුර ප‍්‍රදේශයේ පසුගිය 19දා ඇතිවූ ගංවතුර නිසා බඹරබොටුව ගග හරහා රත්නපුර සහ පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාස දෙකේ ගම් දෙකක් යාකර ඉදිකර තිබූ සංගිලි පාලමක් ද ගැලවී විනාශ වී ගියේය.

ගල්ලෑල්ල සිල්වර්ලෑන්ඞ් ප‍්‍රදේශය සහ එගොඩඋයන ගම යාකළ මෙම සංගිලි පාලම වසර තිහක් පැරණි එකක් විය.

ගසාගෙන ගිය සංගිලි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරිමට කඩිනමින් පියවර ගන්නා බව පැවසූ සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (31) ඊට මුල්ගල් ද තැබීය.

එගොඩඋයන ගම්මානයේ පවුල් 45ක දෙසීයකට අධික පිරිසක් නිතර ආගියේ මෙම සිල්වර්ලෑන්ඞ් කම්බි පාලම හරහාය.

දැන් පාලම නැති නිසා උණ ලී යොදා තැනු පාරුවකින් ගම්වැසියෝ එගොඩ මෙගොඩ යති. පාරුව පැද යන්නට බඹරබොටුව ගග හරහා කම්බියක් ඇද තිබේ.

එහෙත් ගගේ වතුර වැඩි අවස්ථාවල ඉන් එගොඩ මෙගොඩවීම දැඩි අවදානම් බව ගම්වැසියෝ කියති.

එගොඩඋයන ප‍්‍රදේශයේ සහ ඉන් එපිට ගම්වල වැසියන්ගේ නිෂ්පාදිත අමු තේදලූ ඇතුළු කෘෂි නිෂ්පාදන පවා රැගෙන ආවේද කැඩීගිය කම්බි පාලමෙනි.

දැරුවන් පාසල් යාමට මෙන්ම ගල්ලෑල්ල රෝහලට ප‍්‍රතිකාර ගන්නට මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගන්නට ගල්ලෑල්ල කුඩා නගරයට ජනයා පැමිණියේද මෙම කැඞීගිය කම්බි පාලමෙනි.

බඹරබොටුව ගග දෙගොඩතලා ගලායද්දී ඉහළ සිට ගගේ ගසාගෙන ආ විශාල ගසක් කම්බි පාලමේ වැදී එය කැඩී ගියේ ගම්වැසියන් බලා සිටියදී ය.



අදහස් (5)

පාලම ගංවතුරට ගිහිං : ගම් දෙකක් පාරුවෙන් එක් කරයි

Athula Monday, 01 June 2020 08:29 AM

තව තව පාලම් සේදිලා යාවි... ඉස්සරහට ගල්, වැලි, පස් ඉවක්, බවක් නැතුව හාරන කොට වෙන එකදෙයක් විතරයි.. එස්.එම්. චන්ද්‍රසේනලාට මේ වගේ විනාශය වැඩක් නැහැ.. ඔවුන්ට ඕනෑ බලය තියෙන කාලේ රට දියකරලා හෝ මඩිය තරකරගන්න රට කරන විරුවගේ වැඩ කොහොමද...? දැන් පාරුවෙන් ගිහිල්ලා ඡන්දෙ දාලා වරෙල්ලා..

:       1       147

Bindula Monday, 01 June 2020 01:11 PM

අවුලක් නැහැ... අපි හිඟාකාලා හරි ක්‍රිකට් ගහන්න පට්ටනියක් හදාගන්න යන්නේ...

:       1       141

denin Tuesday, 02 June 2020 03:44 AM

දුෂ්කර ප්‍රදේශයක් නිසා ලී මුදලාලිලා නැතිව ඇති.. ගස යන මාර්ගය වෙනස්කිරීමට හෝ විදුලි කියත් යොදවා ගස කුඩා කෑලිවලට කැපීමට...

:       0       8

ධම්ම Tuesday, 02 June 2020 09:31 AM

මේවා ගැන හිතලා කොළඹ, මහනුවර අධිවේගී මාර්ගය එහෙම පමා කරනවා නොවෙයි ඔන්න....

:       2       11

නිමල් Tuesday, 02 June 2020 10:10 AM

ශුද්‍ර ජාන තියෙන කෙනෙක්ගේ ගමක් ඕක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site