
(චාපා මධුභාෂිණි සහ නිමල් ජයරත්න)
පොලොන්නරුව නගරාසන්නයේ ලැගුම්හලක කලක් තිස්සේ නතර වී සිටි අඹු සැමි යුවළක් මත් කුඩු, මුදල් රන් ආභරණ සහ දුරකතන හතරක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
කළුතර අගලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමිය යුවළ කලක පටන් මෙම ප්‍රදේශයේ නතරවී ඊෂි කෑස් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇතැයි මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
33 වැනි වියේ පසුවන කාන්තාව මාස හයක ගැබිණියක බව ද පොලිසිය සඳහන් කරයි. සැකකරු 38 හැවිරිදි බව ද වාර්තා වේ. මාස පහක් පමණ තිස්සේ මෙම ලැගුම්හලේ නවාතැන්ගෙන මෙම ජාවාරම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් සතුව තිබූ රුපියල් 19,31,000ක මුදලක්, රන් ආභරණ විශාල ප්‍රමාණයක්, ත්‍රිරෝද රියක්, ඡංගම දුරකතන හතරක්, මත්කුඩු ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 600ක් සහ සිම් කාඩ් හතරක් සොයාගත් බව ද පොලිසිය කියයි.
සැකකරු 2007 වසරේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ අපරාධයක සම්බන්ධ බවත් පොලිස් වෙඩි පහරකට ලක්ව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලොන්නරුවට කුඩු බෙදූ යුවළක් මාට්ටු