පෝලන්තයේ ඩෑන්ස් ප්‍රාන්තයේ නගරාධිපති පවෙල් ඇඩම්වෝස් මහතා පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ.
53 හැවිරිදි නගරාධිපතිවරයා මේ වන විට රෝහල්ගත කර සිටින අතර පැය පහක පමණ සැත්කමක්ද කර ඇතැයි පැවසේ.
පෝලන්තයේ පැවැත්වෙන සමාජ සත්කාරක වැඩසටහනකට සහභාගී වී සිටියදි මෙම අනතුරට මුහුණ දී ඇත.
පිහි ඇනුමෙන් නගරාධිපතිවරයාගේ උදරයට විශාල හානියක් සිදුව ඇතියිද , එමෙන්ම ඉතාම තීරණාත්මක අවධියක ඔහු සිටින බවට වෛද්‍යවරු පවසා ඇතැයිද මාධ්‍ය වාර්තා කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 27 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
( බී බී සී ඇසුරෙනි )
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd