IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාලන මිලට සහල් දෙන්න බෑ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

සහල් පාලන මිලට ලබා දෙන බවට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ හාල් කර්මාන්ත කරුවන් ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා බිඳ වැටීමේ අවදානමක් උද්ගත වී ඇතැයි ද ඔහුගේ එම ප්‍රකාශයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බව ද සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ හිටපු සභාපති සහ මරදගහමුල  සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බී.කේ . රංජිත් මහතා පැවසීය .

රංජිත් මහතා මේ බව සඳහන් කළේ අද( 29 ) මරදගහමුලදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

අද පවත්නා  කිලෝවක් රුපියල් 130 ක් 132 අතර වන  වී මිල අනුව පාලන මිල ට සහල් ලබා දීමේ කිසිදු හැකියාවක් නැහැ . සුළු පරිමාණ ව්‍යාපාරයකින් මෙවර වී මිලදී ගෙන ඇත්තේ සියයට නවයේ  පොලියට ලබා ගෙනයි .

තත්ත්වය එසේ තිබියදී මෙසේ පාලන මිලට සහල් ලබා දීමට කටයුතු කිරීමෙන් ඇතිවන තත්ත්වය කිසිසේත්ම පොඩි වීමෝල් හිමියන්ට දරන්නට පුළුවන් කමක් නැහැ .

ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ කරන බවට මට දැනුම් දුන් අවස්ථාවේ මා ඔහුට ප්‍රකාශ කළේ එසේ කිරීමට නොහැකි බවයි. එතුමා ජනවාරි දක්වා මේ පාඩුව දරා ගන්න බව පැවසුවත් සුළු ව්‍යාපාරයකින් එසේ කරන්නේ කොහොමද . 

 වෙළෙඳුන් ආරක්ෂා කර ගනිමින්  පාලන මිලට සහල් ලබා දමේ වැඩ පිළිවෙලක් තිබිය යුතුමයි ඒ සදහා එකඟයි   අපි එවැනි තත්ත්වයක් ලබා දෙන ලෙසට දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීම් මෙතෙක් ඉටු වී නැහැ ..

මේ ආකාරයේ කෙටිකාලීන විසඳුමක් ලබා නොදී දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් තුළින් පාලන මිලට සහල් ලබා දීමේ හැකියාව ඇති කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා .

එසේ නොවී මේ ආකාරයට ක්‍රියාත්මක වුවහොත් සිදු වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සියලු ව්‍යාපාරයකින්ගේ සහල් මෝල්  බැංකු සතුවීම පමණක් වන බවද මෙහිදී රංජිත් මහතා අවධාරණය කළේ ය 



අදහස් (6)

පාලන මිලට සහල් දෙන්න බෑ

Saman Sunday, 29 September 2024 01:14 PM

ඩඩ්ලි සිරිසේන හදන්නේ ආයි සැරයක් පොඩි ව්‍යාපාරිකයන් බිම දාන ගමන් එයාගේ හොඳ නම හදාගන්න. මෙච්චර කාලයක් තිස්සේ ඔය ටික කරන්න බැරිවුනේ ඇයි?

:       4       61

de silva Sunday, 29 September 2024 01:27 PM

හැම ආණ්ඩුවක්ම කලේ ගොවියන් ආරක්ෂා කිරීමට කියමින් සහල් මිල ඉහළ දමමින් සහල් ව්‍යාපාරිකයාගේ මල්ල පිරවීමයි. නැව් ගාස්තු, රේගුබදු සහ ප්‍රවාහන ගාස්තු ගෙවලා පිටරටින් ගෙන එන සහල් පාලන මිලට දෙන්න පුළුවන් නම්.., ලංකාවේ වැවෙන ඒවා දෙන්න බැරි මොකද? දැන් පොහොර සහනාධාර උපරිමෙන් දීලා තිබෙන්නේ, තෙල් මිලත් අඩුවෙලා, පාලන මිලට පිට රටින් හරි සහල් ගෙනත් දෙන්න.., මිනිස්සු කන්නේ බොහෝම අමාරුවෙන්...

:       4       37

Lalla Sunday, 29 September 2024 02:07 PM

නිවැරැදි වගා ක්‍රමවේද අනුගමනය නොකර පොහොර සහනාධාරය දීමෙන් විතරක් අස්වැන්න ඉහළ දාන්න බෑ. අනික දැන් ගොවීන් නියම ප්‍රමිතියට අනුව වී වේලීම කරන්නේ නෑ. ඉස්සර වී අලෙවි මණ්ඩලය මිලට ගත්තේ තෙතමනය උපරිම 2% නොවැඩි වී. දැන් එහෙම වී නෑ. වී මෝල්වලට පාඩුවන එක විදියක් මේක...!

:       1       29

සිල්වා Sunday, 29 September 2024 02:10 PM

පාඩුවට සහල් ලබාදෙන්නේ ජනවාරි 20 දක්වා නම් ඊට පසුව මොනවද කරන්න බලාපොරොත්තුව...? නැවත ගණන් වැඩි කරනවද? මේක හරි විසඳුමද?

:       3       37

රොෂාන් Sunday, 29 September 2024 10:48 PM

ණය වෙලා ගන්නේ නැතිව නිකං හිටියනම් හරිනේ

:       0       0

roshan Sunday, 29 September 2024 11:38 PM

රනිල්ට බැරිනම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site