කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ‘‘පුලතිසි‘‘ නමින් නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් අද (11) සිට ධාවනයට එක් කරන ලදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුකෙරිණි.
මෙම දුම්රිය ඉන්දියාවෙන් ආනයනය කළ එස් - 13 බලවේග දුම්රියක් වන අතර වායු සමනය කළ පළමු පන්තියේ මැදිරියක්ද දෙවන සහ තුන්වැනි පන්තියේ මැදිරි දෙකක්ද ඊට ඇතුළත් වේ.
ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමෙන් අනතුරුව දුම්රියේ මරදාන දක්වා ගමන් කළ ආකාරය ඡායාරූපයේ දැක්වේ.
ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්වරු ද එම අවස්ථාවට පැමිණ සිටියහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයට ගත්තු සල්ලි වුණත් ආපසු ගෙවන්න වෙනවා නම් ඒ සල්ලි වලින් ගත්තු කෝච්චියේ ඉන්දියානු තානාපති නිකන් එක්ක යන්නේ මොකද? එ්ක හරියට ගිනි පොලියට බැංකු වලින් ඉදිකිරීම් වලට ණය දීලා එ්ක ඉස්සරහ අහවල් බැංකුවේ අනුග්‍රහයෙන් ඉදිකරන ලදී කියලා බෝඩ් ගැහැව්වා වගේ වැඩක්...
නිකමටද මම කිව්වේ ජනාධිපතිට ගෙදරට යන්න පුළුවන් කියලා... මතක ඇතුව ටිකට් එකක් ගන්න හොඳේ...
සිරිසේන මහත්තයා එයාට චාන්ස් එකක් තියේද කියල බලන්න ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සක්සුදක්සේ පැහැදිලියි. ඒ වුනාට එයාගේ කියුම් කෙරුම් මුළු රටම දන්නා නිසා කිසිම පක්ෂයකින් තියා ඡන්ද දායකයින්වත් නැවත වරක් රටේ උත්තරීතර පුටුවේ එයා වාඩිකිරීම නොවෙන කාරණාවක් බව හොඳින් පැහැදිලි වෙනවා. ඡන්දෙ ඉල්ලලා පැරදුණාම ගමේ යන්න මෙයා ගහපු අලුත්ම ගැටේ තමා "පුලතිසි" කෝච්චිය. අනේ වාසනාවන්...
දැන්ම තියා ඔය හැම තිසියම හොඳයි.. මොකද අයියලා මල්ලිලා සෙට් එකම ගෙදර ගිය ගමන්ම ආ පයින් වැලිකඩට එන්න එපා යෑ. රජෝ, තව මාස දෙකකින් ගෙදර ගියහම තමයි සෙල්ලම බලාගන්න පුළුවන් වෙන්නේ. කරලා තියෙන සෙල්ලම් වල හැටියට එදාට පුලතිසි නෙමේ "තරුවිසි" වෙයි.
මෙය කළ යුතුව තිබුණේ මීට වසර පහළවකට කලින්..
මල කෝලම්... !!!
පොඩ්ඩක් ධනාත්මකවත් හිතන්න පුරුදු වෙන්න. ඕක අපිට පාවිච්චි කරන්න පුළුවන් විදෙස් සංචාරකයින්ට හබරණ, මින්නේරිය, පොලොන්නරුව ආකර්ෂණය කරවන්න. හැබැයි ඕක යන වෙලාවල් නම් අප්සට්. ලංකාවේ අපිට වුනත් දඹුල්ල හරහා වාහනයක් පදවන් යනවට වඩා කොච්චර ලේසිද?
නිශා දඹුල්ල, කුරුණෑගල දුම්රිය මාර්ගය මහින්ද චින්තන පොතේ තිබුණු පොරොන්දුවක්... එයාලා ආයේ බලයට ආවොත් ඉටු කරයි. හැබැයි ඒ පොතේ තිබුණේ 2007 හදනවා කියලා.
මට මේ බහුතරයක් මිනිස්සුන්ගේ පලකරන අදහස් ගැන හිතාගන්න බැහැ. බහුතරය හිතන්නේ හැමකෙනාම ඝෘණාත්මකව. යම් වැඩක් කළොත් එ්කේ වැඩිපුර මිනිස්සු දකින්නේ නරක පැත්ත. මේ කරපු දේ කොච්චර හොඳ දෙයක්ද? සංචාරකයින්ට වගේම ලාංකික අපිට වුණත් කොච්චර දෙයක්ද? මෙහෙම සැප පහසුවට ගමනක් යන්න තියන එක.. හැමදේම ඇඳ පලුදු හොයන්න එපා. ණය වෙලා හරි මන් හිතන්නේ මිනිස්සුන්ට හොඳවැඩක් කරලා තියනවා. පොඩි එකාගෙන් හූරාගෙන කන විදිහක් තමයි බලන්නේ. නමුත් මිනිස්සු විදිහට හොඳ වැඩක් කළොත්, එ්ක අගය කරන්නත් අපේ හිත්වල කොතැනක හරි පුංචි ඉඩක් තියා ගනිමු.