IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොල්තෙල් වර්ගය - මිල නැත්නම් සීල් තියනවා

(යොහාන් භාසුර)

මෙරට අළෙවි කරන සියලුම වර්ගවල පොල්තෙල්වල වර්ගය සහ මිල මුද්‍රිතව ප්‍රදර්ශනය අනිවාර්ය කළ බවත් පොල්තෙල් වර්ගය සහ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල්වලට මුද්‍රා තබන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙරට අළෙවි කරන ආනයනික සහ මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ‘ඇල්ෆටොක්සින්’ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පැමිණි ලැබෙන බව කී අමාත්‍යවරයා ප්‍රමිතියෙන් තොර පොල්තොල් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට බලය පවරා ඇති බව ද සඳහන් කළේය. 

 



අදහස් (4)

පොල්තෙල් වර්ගය - මිල නැත්නම් සීල් තියනවා

අබිලින් Friday, 06 October 2023 05:32 PM

ඔව් ඔව් මෙරටේ නිශ්පාදනය කරන හැම දේකම මොනවා හරි විස වර්ගයක් තියෙනවා... කියද්දී අපි කොහොමද අලුත් දෙයක් හදලා රටට සේවයක් කරන්නේ කියලා තේරුම් ගන්න බැහැ...!

:       0       6

chandima Friday, 06 October 2023 07:58 PM

පොල්තෙල්වල වර්ගය කියන්නේ? පොල්තෙල්, කුන්දිරා තෙල්, තැඹිලි තෙල්, කොප්පරා තෙල්... වගේද?

:       0       4

සුරංග Saturday, 07 October 2023 06:22 AM

ඒක ඇත්ත. නැත්නම් පොල්තෙල් වර්ග තියෙන්න කිසිම ක්‍රමයක් නැහැ..!

:       0       1

sam Saturday, 07 October 2023 07:39 AM

ඉස්සර නම් සෙක්කුව සහ ගොනා බ්‍රෑන්ඩ් එක යටතේ තමයි පොල්තෙල් හින්දේ. ඒවායේ නම් ඇල්ෆාටොක්සින් තිබුණාද? නැද්ද? කියලා කවුරුවත් හොයන්න ගියේත් නැහැ. පොල්තෙල්වලින් ටිකක් මුඩු ගඳ එනකොට, ඒවා බුදු පහන පත්තු කරන්න ගත්තා මිසක් එක්ස්පයරි ඩේට් එකක් තිබුනේත් නැහැ. පොල්තෙල් හිඳීමේ අතුරු ඵලයක් වන පොල් පුන්නක්කුත් හරකුන්ට දියකරලා දුන්නා. ඒ හා සමාන ප්‍රමාණයක් කඩ වලට එන ළමයින් කෑවා. ඕනෑම ළමයෙක් කඩේට ගියාම මුලින්ම කරන්නේ පුන්නක්කු ගෝනියෙන් කෑල්ලක් අරං කටේ දාගන්න එකයි. ඒවායින් නරකක් නපුරක් වුන බවක් නම් අහලා නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site