(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දරුවන් පිරිසකට පොලිතීන් පත්තරබලහත්කාරයෙන් කැවූ බව පැවසෙන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 23 ) පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට පහසුවක් ලෙස එම පියවර ගත් බවද අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Promotion එකක්නේ දීලා තියෙන්නේ.
මේ වගෙ මානසික ලෙඩ්ඩු මාරු කරල හරි යන්නෙ අයින් කරල දන්න ඔනි.
මාරු කිරීම දඬුවමක් නොවෙයි නේ. මෙයාට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න.
ඔය විදුහල්පති දිගටම ඔහේම හිටපුවාවේ. පාසැලකට තියා පාසැලක වත්තටවත් ඇතුල්වීවීමටවත් මොහු සුදුස්සෙක් නොවෙයි.
මේ කාලකන්නිය මාරු කරල වැඩක් නෑ, මේකට පොලිතීන් සමග . තනකොල කවන්ට ඔනෙ
පොලිතින් කැවීම සාධාරනීකරණය කරනවා නොවෙයි. ඒත් මේතෙ අදහස් දාපු අය දන්නෙ නැතුව ඇති අපි පොලිතීන් වලින් ඉවත් විය යුතු බව. පොලිතීන් දිරන්න අවුරුද් 100 ක් පමන යන බව. පොලිතීන් පරිසරය විනාශ කරන බව. පරිසරය සුරකිමින් අනාගත සංවර්ධනය සඳහා යන ගමනේදී අපි වැලකිය යුතු කරුණු මොනවාද යන බව. ඉතින් ඒ පිළිබදව අනාගත පරපුරත් දැන ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. පාසැල වත් පොලිතීන් වලින් මුදවාගන්න විදුහල්පතිවරයා හිතන්න ඇති. කීප වතාවක්ම කියන්නත් ඇති. කියන දේ තඹයකට මායිම් නොකර එකම වැරැද්ද කරන්නත් ඇති. තරහට ගෙනාවනම් උඹලම කාපල්ලා කියලා විදුහල්පතිවරයා කියන්නත් ඇති. නූතන පරපුරේ ළමයිනුත් හරිම හොඳ අහිංසක කියන දේ අහන කීකරු ළමයි නිසා කන්නත් ඇති. කිසිම වැරැද්දක් නොකරන පාරිශුද්ධ අහිසක මෙව්පියනුත් ළමයි කියපු දේ අහලා ළමයින්වම උසිගන්වන්නත් ඇති. මෙතැන කොහේ හරි ගොඩගැහුණු කුණු කන්දක් ගැන ප්‍රවෘත්තියක් තිබුනානම් මේ කොමෙන්ට් දාපු අය කොහොම කොමෙන්ට් දායිද...
මාරුකර යැවීම දඬුවමක්ද?
ඔය කියනදෙයක් දෙයක් නොවෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. පොලිතින් ගේන්න එපා කීවා නම් නොගෙනවා නම් ඉවරයිනේ. අනික ඕවා කන්න කීවා කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි... කොහොමත් පරීක්ෂණක් කළ යුතුයි.
මාරුකරලා විතරක් හරියන්නේ නැහැ. එයාටත් හරිනම් සිසුන්ට කරපු දේම කරන්න තිබුණේ... නීතීයෙන් දඬුවම් දිය යුතුමයි...
මේකට දෙන්න තිබ්බේ එකම දඬුවමයි... ප්‍රසිද්ධ තැනකට ගෙනැවිත් එයාටත් පොලිතීන් කැව්වා නම් නියමයි නේද?