
(රංජිත් රාජපක්ෂ)
ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් පස්දෙනකුට කෑම ඔතන පොලිතින් කැවු විදුහල්පතිවරයා ලබන මස 04 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා නියෝග කෙළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පදිංචි ජානක ජයවර්ධන නැමති (47) හැවිරිදි සැකකාර විදුහල්පතිවරයායි.
සැකකාර විදුහල්පතිවරයා ඉකුත් දින එම පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් දිවා ආහාර ඔතාගෙන ආ පොලිතින් සහ පත්තර පිටු පාසල් ළමුන් හත්දෙනෙකුට අනුභව කරන ලෙසට නියෝග කිරිමෙන් අනතුරුව එසේ පොලිතින් ගිල දැමු පාසල් ළමුන් පස්දෙනකු වමනය ,උදරයේ අමාරුව වැනි රෝග ලක්ෂණ සහිතව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම සිසුන් පස්දෙනා දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින හතර මදි ,දින 14ක වත් රිමාන්ඩ් කල යුතුය,අනිකුත් අයට පාඩමකට දැඩි දඩුවම් දිය යුතුය,මොහු ලෝකේ කිසිම වෘත්තීය ට සුදුසු නැත
හොන්ද වැඩේ ඔය මිනිහට.මොල්‍රේ අමාරුවක් ඇති .නැත්නම් පොල්තින් කඩදාසි කොළ කවයිද ළමයින් ට.
විද්‍යාලපති තුමනි ඔබේ චේතනාව පිරිසුදු එකක් උනත් ඔබ කල වැඩේ අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. කලින් දෙන අවවාද පිළිනොගන්නා පාහර කොල්ලෝ කෙල්ලෝ පාසල් වල ඕන තරම් ඉන්නවා. උන්ව ගහල බැනලා හදන්න යන්න ඕනේ නැහැ. Ignorance is the best කියලා හිතල උන් පාසලට එනවාද කියා බලන්නේ නැතුව ඉන්න තිබුනේ. දැන් ප්‍රමාද වැඩී. කාගෙවත් ළමයි අපි හදන්න ඕනේ නැහැ. උන්ට හෙනගහල ගියත් මට මොකෝ කියන ප්‍රතිපත්තියෙන් ඉන්න.
ඇයි ළමයි ලන්ච් ශීට්
දැන් මේකට රක්ෂිත බන්ධනාගාරය අහාර වශයෙන් එකේ ළමුන්ට කවපු ආහාර වට්ටෝරුවම දෙන්න .ඒවායේ රස උටත් තේරේවි