
(ෂේන් සෙනෙවිරත්න)
රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එසේ පවසා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සහ මහනුවර කෞතුක වටිනාකමකින් යුතු ඉපැරණි ගොඩනැගිලි දෙකක් ඉන්දියානු සමාගමකට විකුණා දැමීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගැනීමට එරෙහිව මල්වතු මහනායක හිමියන් දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ නිලධාරීන් මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය .
එහිදී එම වෘත්තිය සමිති නිලධාරීන් මහානායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ නුවරඑළියට පැමිණෙන විදේශිකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන මෙම ඉපැරණි ගොඩනැගිල්ල විනාශ නොකරන ලෙසට මහනායක හිමියන් මැදිහත්ව ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙසයි .
එහිදී මහා නායක හිමියන් වෘත්තී සමිති නිලධාරීන් හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ නුවරඑළියේ එම කෞතුක ගොඩනැගිල්ල වෙනත් කටයුත්තකට යොදා ගන්නවාට එරෙහිව විදේශිකයන් පවා විරෝධතාවයේ යෙදෙන අයුරු තමන් වහන්සේ දුටු බවයි .
එම ගොඩනැගිල්ල මීට පෙර දී ද මේ ආකාරයෙන් අත්පත් අත්පත්කර ගැනීමට උත්සහ කළා නේදැයි මල්වතු මහ නාහිමියන් වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී ඔවුන් මහා නා හිමියන් හමුවේ පවසා සිටියේ වත්මන් ජනාධිපතිවරයා අගමැති ධූරය දැරූ 2018 වසරේ දී මේ ආකාරයෙන්ම එම ගොඩනැගිල්ල අත්පත් කර ගැනීමට උත්සාහ කළ බවයි .
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාලකයන් යන අත මල්වතු නා හිමි පෙන්වති
මැක්ස් Wednesday, 08 November 2023 06:54 PM
සුද්දා හදපු බිල්ඩිමක් බේරා ගන්න තියෙන උනන්දුව... උතුරු නැගෙනහිර පුරා විද්‍යාත්මක වටිනාකම නිමක් නැති බොදු සිද්ධස්ථාන ආරක්ෂා කර ගැනීමට නොදැක්වීම කණගාටුවට කරුණකි...
විජිත් Wednesday, 08 November 2023 07:46 PM
රනිල් කියන්නේ ඉන්දියාවේ "වඩුග" ජාතික මිනිසුන්ගෙන් පැවත එන වඩුග ජාතිකයෙකි." ( මෙය ජාතික ලේඛනාගාරයේ ලේඛන පරීක්ෂා කළොත් ඉතාම පහසුවෙන් සොයාගත හැක.) ලෙයට ලෙය අදිනවා " කියන්නේ මෙයටයි. ඉන්දියාවට ලංකාවම විකුණන්න වුණත් මෙයා උත්සාහ කරයි. ඒ නිසා මේ මොලේ අමාරුකාරයාව බලයෙන් පහකරන්න සියලු දෙනාම පෙරට ඒමට කාලයයි.
රංබොඩ Wednesday, 08 November 2023 07:47 PM
මිස්ටර් බීන් හැමදාම කළේ කොටින්ට සහ අනෙකුත් අන්තවාදීන්ට පණ පොවන එකයි, රටේ වටිනා සම්පත් විදේශිකයන්ට විකුණන එකයි. එලවලාම දාපු මනුස්සයා ආයෙ ආවනේ බලයට....!