(අංජුල මහික වීරරත්න)
රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022 වසරේ දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසා ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
මාස හයක් ඇතුලත වඳුරන්, රිලවුන් හා දඬුලේනුන් විසින් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 වසර අවසන් වන විට එම හානිය පොල් ගෙඩි මිලියන 180- 200 දක්වා ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පර්යේෂණයකින් තහවුරු වී ඇත.
ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 2500- 3000ත් අතර පවතී. නියඟය, වනසතුන්ගෙන් වන හානි හා වෙනත් වසංගත තත්ත්වයන් නිසා මෙම අස්වැන්නෙහි යම් යම් විචලනයන් සිදුවේ.
එසේ වුවද මෙරට පොල් වගාවට වැඩිම හානිය සිදු කරනුයේ රිළව්, වඳුරන් හා දඬුලේනුන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි. ශ්‍රී ලංකාවේ ගොවිජන හා වනසත්ව ගැටුම සම්බන්ධව එම ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව 2022 වසරේ දී ජනවාරි සිට ජුනි දක්වා මාස හයක් තුළ වනසත්ව හානි හේතුවෙන් වැඩිම අස්වැන්න හානියක් සිදු ව තිබෙන්නේ පොල් වගාවටය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොල් හානිය ගැන අලුත් වාර්තාව එළි දකී
pakeer Wednesday, 18 January 2023 10:50 AM
කළුතර මෙය වේගයෙන් පැතිර යනවා.
sriyal Wednesday, 18 January 2023 01:46 PM
රජය ක්‍රියාමාර්ග ගනීද?
Lalla Wednesday, 18 January 2023 04:28 PM
ලොකුම හානිය පොහොර නැතිකම. ගෝඨා ප්‍රමුඛ කාබනික කල්ලිය කල විනාශය. දෙවැන්න නිදියන පොල් පර්යේෂණ ආයතනය. කිසිම රෝග හෝ පලිබෝධ හානියකට උත්තර නෑ. ඊළඟට පොල්පැල සහ තරුණ වගාවට රතු කුරුමිනි හානිය. ඊළඟට පැලවලට ඉත්තෑවන්ගේ විනාශය. මේ කතාව වඳුරු දඩුලේනා සහ රිලා උවදුර නැති හැම පලාතටම පොදුයි.අපි ගම්පහ පැත්තේ රිලා වඳුරු ප්‍රශ්න නෑ. දේශපාලන රිලවු පමණයි.
Jaya Wednesday, 18 January 2023 04:31 PM
අර පැනල ගිය හනුම හින්ද වෙච්ච විනාසය කොච්චරද ?