(අංජුල මහික වීරරත්න)
රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022 වසරේ දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසා ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
මාස හයක් ඇතුලත වඳුරන්, රිලවුන් හා දඬුලේනුන් විසින් විසින් පොල් ගෙඩි මිලියන 93ක් විනාශ කර ඇති බවත් 2022 වසර අවසන් වන විට එම හානිය පොල් ගෙඩි මිලියන 180- 200 දක්වා ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පර්යේෂණයකින් තහවුරු වී ඇත.
ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 2500- 3000ත් අතර පවතී. නියඟය, වනසතුන්ගෙන් වන හානි හා වෙනත් වසංගත තත්ත්වයන් නිසා මෙම අස්වැන්නෙහි යම් යම් විචලනයන් සිදුවේ.
එසේ වුවද මෙරට පොල් වගාවට වැඩිම හානිය සිදු කරනුයේ රිළව්, වඳුරන් හා දඬුලේනුන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි. ශ්‍රී ලංකාවේ ගොවිජන හා වනසත්ව ගැටුම සම්බන්ධව එම ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව 2022 වසරේ දී ජනවාරි සිට ජුනි දක්වා මාස හයක් තුළ වනසත්ව හානි හේතුවෙන් වැඩිම අස්වැන්න හානියක් සිදු ව තිබෙන්නේ පොල් වගාවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර මෙය වේගයෙන් පැතිර යනවා.
රජය ක්‍රියාමාර්ග ගනීද?
ලොකුම හානිය පොහොර නැතිකම. ගෝඨා ප්‍රමුඛ කාබනික කල්ලිය කල විනාශය. දෙවැන්න නිදියන පොල් පර්යේෂණ ආයතනය. කිසිම රෝග හෝ පලිබෝධ හානියකට උත්තර නෑ. ඊළඟට පොල්පැල සහ තරුණ වගාවට රතු කුරුමිනි හානිය. ඊළඟට පැලවලට ඉත්තෑවන්ගේ විනාශය. මේ කතාව වඳුරු දඩුලේනා සහ රිලා උවදුර නැති හැම පලාතටම පොදුයි.අපි ගම්පහ පැත්තේ රිලා වඳුරු ප්‍රශ්න නෑ. දේශපාලන රිලවු පමණයි.
අර පැනල ගිය හනුම හින්ද වෙච්ච විනාසය කොච්චරද ?