
(සුජිත් හේවාජුලිගේ)
රටේ පොල් හිඟයට හේතුව බහුජාතික සමාගම් පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරීන් පිරිසක් සමඟ එකතු වී රටේ පොල්, පොල් කිරි සහ පොල් පිටි වශයෙන් රට පටවමින් කරන ගේම් එක යැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
රටේ මිනිස්සුන්ට කන්න තියෙන පොල් වලින් සියයට 70ක් බහුජාතික සමාගම් පොල් කිරි සහ පොල් පිටි වශයෙන් විදේශයන්ට පටවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසූවේ කොළඹදී පෙරේදා (24) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
ලංකාවේ නිෂ්පාදනය කෙරෙන පොල් දේශීය පරිභෝජනයට හොදටම ප්‍රමාණවත් බවත් අද පවතින තත්වය යටතේ පොල් වත්තක පොල් ගෙඩියක් රුපියල් 120ත් 125 ත් අතර මිලකට අලෙවි කළ හැකි බවත් බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
රටේ නිපදවන පොල් ටික මුලින්ම පාරිභෝජනයටදී ඉතිරි කොටස කර්මාන්ත වලට දෙන්නැයි ඉල්ලීම් කරන බවද ඔහු කීවේය.
පොල්තෙල් සහ පොල් මිල පාලනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියේ ඇති පීඑස් එස් ඔයිල් ෆන්ඩ් වැනි අරමුදල් මේ අවස්ථාවේදී යොදාගෙන කර්මාන්තකරුවන්ට සහ පාරිභෝගිකයන්ට සහන ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන කිසිම ගේම් එකක් නෑ. පහුගිය කාලයේ අධික මිල නිසා පොහොර යෙදීම අවම වුණා. ලැබුණු ඵලදාවෙන් විශාල ප්‍රමාණයක් රිලව් විනාශ කරනවා. මේ වගේ මෝඩ ප්‍රකාශ කරන්න කලින් ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕනෑ..!
මේකත් අර සහල් මාෆියා වගේ. පොල්වල තොගමිල තීරණය කරන්නේ... මෙම බහුජාතික සමාගමයි. ඔවුන් දේශීය වෙළෙඳපළට ද පිටිකළ පොල් නිකුත් කරති.
පිටරට සිටින අපට සුපර් මාකට් එකක් ලංකාවේ කියලා දකින්න තියෙන ප්‍රධානම දේ තමයි පිටිකළ පොල්කිරි. මේ ව්‍යාපාරය නතර නොකර පොල් වගාව ඉහළ දැමීමට කටයුතු කිරීම තමයි කළයුත්තේ...!
පොල් සංවර්ධන අධිකාරියේ අලුත් සභාපතිට මේ ගැන වගේ වගක් නෑ. එයාගේ සිහිය පුලුවන්තරම් ඉක්මණට ටෙන්ඩර් වලින් හම්බ කරගන්න පරණ, දූෂිත නිලධාරීන් ඔක්කෝම ළඟට අරන්. ඉතින් පොල් මිල ගැන සිහියක් තියෙයිද?
මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? එතකොට ඔය පිටිකළ පොල්කිරි පිටරට පැටෙව්වේ හොරෙන්ද? මේවා අපනයන නෙවෙයිද? අපනයන වලින් ලැබෙන්නේ ඩොලර්ද රුපියල්ද? අර ඉස්සර විමලයට ඉඳහිට පෑවිල්ලක් ආවත් එක විදේශ කුමන්ත්‍රණයක් ලෙසයි පෙනුනේ. ඒ වගේ මෙයාලාටත් හැම මගුලම කඩාකප්පල් ක්‍රියා ලෙස පෙනෙන්න ගනීවිද මන්දා?
පහුගිය කාලේ රටේ ස්ථිර නීතියක් තිබුනේ නැහැ. දේශපාලන බලය මත බොහෝ පොල් ඉඩම් කට්ටිකර වෙන්දේසි කළා. පොල් ගස් කැපුවේ වගේ වගක් නැතුව. ඒ කාලේ මහින්ද ජනපති සැලුන් දොරෙන් ආපු හාදයෙකුට පොල් සංවර්ධන ඇමැති කියලා පට්ටමකුත් දුන්නා. මිනිහා සත පහක දෙයක් කරේ නැහැ. ඒ මදිවාට දිලීර රෝග, සුදු මැසි හානිය වැනි දේවල් නිසි ලෙස හොයලා බලලා ප්‍රතිකාර කරන්න හරි වැඩ පිළිවෙලක් තිබුනේ නැහැ. අපි දිලීර රෝග හැදුණාම ගස් කපලා දැම්මා. ඉන්දියාව ෆියුරඩන් යොදලා ගස් ටික බේරා ගත්තා. අපේ ඔක්කෝම ඔහේ අයාලේ ගලාගෙන ගියා. පොල් වගා කිරීමේ මණ්ඩලයට මීට වඩා පණ ඇතිව කරගෙන යන්න පුළුවන් අයව පත් කළ යුතුයි...
තවත් පච ගහන්නේ නැතිව කරලා පෙන්නන්න.
මොන යකා ආවත වෙළෙන්දෝ මොවුන්ව අල්ලේ නටවනවා. පහුගිය රජයවල් මෙවැනි වේලාවට පිටරටින් ගෙනැල්ලා මිල පාලනය කරනු ලැබුවා. දැන් රජය රටින් ගේනවට විරුද්ධ වුණු නිසා දැන් දත් විරිත්තන් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ... මේ අයටත් ළඟදීම විශාල උද්ඝෝෂණ රැල්ලකට මුහුණ දෙන්න වෙනවා. කෙළින් තීරණ නොගත්තොත්...
කව්ද අප්පා මේ මෝඩ කථා කියන්නේ? බහු ජාතික සමාගම් ලංකාවේ පොල් පිටි හෝ කිරි වශයෙන් පිටරට වලට යැව්වේ අද ඊයේ නෙමෙයි. ඒකෙන් කොච්චර විදේශ විනිමය රටට ආවාද? ඒක නෙමෙයි ප්‍රධාන හේතුව පොහොර වල මිල නිසා ගොඩක් අය පොහොර දැම්මේ නෑ. අනික පොල් සහ තැඹිලි ආශ්‍රිතව බෝ වුණු සුදු මැස්සා නිසා පොල් ඵලදාව 50% ත් 75%ත් අතර ප්‍රමාණයකින් පොල් ඵලදාව අඩුවෙලා තියෙනවා... අවුරුදු 2ක් ඇතුළත. කෘෂිකර්ම අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය හෝ පොල් සංවර්ධන අධිකාරිය මේ වනතෙක් ඒකට හරියට විසඳුමක් දීලා නෑ. මේකට දැන්වත් අවදානය යොමු කරේ නැත්තන් පොල් ඵලදාව තව අවුරුද්දක් ඇතුළත තවත් අඩු වෙනවා. පොල් සංවර්ධන අධිකාරිය නිලධාරීන් 99%ක් පිනට පඩි ගන්න දූෂිත නිලධාරීන්. ඒක අමුතුවෙන් කියන්න ඕනෑ නෑ...!
ගෝඨාගේ පොහොර තහනම සහ පසුව අධික මිලකට ප්‍රමිතිය නැති පොහොර සැපයුම කුරුමිණි, සුදුමැසි, වසංගත, දිලීර රෝගය වැනි කරුණු පොල් හිඟයට හේතුව. අනික සෑම දේකම මිල ඉහළ යනකොට පොල් වගාකරුවන්ටත් ඉහළ මිලක් ලැබිය යුතුයි.
බුද්ධික මහත්තයා ඔයාගේ කතාව හරියටම හරි. ඇත්ත තත්ත්වය ඕක තමයි. පොල් සංවර්ධන අධිකාරියේ සභාපති NPP එකෙන් පත්කරලා තියෙන්නේ D/C මෝල් හිමිකරුවෙක් නේද? ඉතින් අපිට ඔහුගෙන් සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද? පොල් සංවර්ධන අධිකාරිය ඉදිරිපිට පොල් පෝලිම් ඇති කළේත් ඔහුම තමයි. මේ තත්ත්වය යටතේ NPP රජයෙනුත් අපට සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ. කර්මාන්තය වසා දමා වෙන දෙයක් කරන එක තමයි හොඳම දේ...!
රිලවු, දඬුලේනුන් කරන විනාශය ගැන කාටවත් අවබෝධයක් නැත්තේ ඇයි? මගේ වත්තේ පොල් ගස් 16 ක් තියෙනවා. මීට අවුරුදු 20කට විතර කලින් මම පොල් විකුණුවා. දැන් මම කඩෙන් ගන්නවා. එම ක්‍රියාවලිය ගැනත් හිතලා බලන්න...
නැගිටපල්ලා, නැගිටපල්ලා ඔබලාගේ පොල්ලොරි ඇවිල්ලා...