
(අංජුල මහික වීරරත්න)
පොල් සංවර්ධන අධිකාරිය මෙම වර්ෂයේ උපයන ලද ආදායමෙන් රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ.
ඊට අදාල චෙක්පත පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රෝෂාන් පෙරේරා මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත සංකේතාත්මකව බාර දුන්නේය.
මෙම මුදල ජනාධිපතිවරයාට බාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් ලාභ ලබන මට්ටමක පවතින බැවින් උපයන ආදායමෙන් කොටසක් මහා භාණ්ඩාගාරයට ලබා දීම සදහා කටයුතු කරන බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි... ඒත් වියදම කෝටි 24?
පොල් සංවර්ධනට මොනවද කරලා තියෙන්නේ...? වැඩිදියුණු කළ පොහොර, රෝග හඳුනාගෙන ප්‍රතිකර්ම පලිබෝධ විනාශ කිරීම... මේ කිසිම දේකට උත්තර නෑ. පින්පඩි ගන්න නිලධාරීන්...
පෝල් ප්‍රනාන්දු හිටියා නම් බයිලා එකක් කියන ගමන් ඕක දෙන්න තිබුණා...!