
(බී. ජී. චතුරංග)
නොචියාගම , පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුල් වී, රුපියල් ලක්ෂයකට ආසන්න පොල් ගෙඩි 450ක් හොරෙන් කඩා ගෙන ගිය පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය යාය 15, පහළ මාරගහවැව පදිංචි 'පොල් පොඩ්ඩා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 24 හැවිරිදි පුද්ගලයකු, 27 හැවිරිදි ඔහුගේ සහෝදරයා සහ නොච්චියාගම නැකැත්තේගම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නොච්චියාගම පහළ හල්මිල්ලෑව උඩුදුම්බර ගම්මානයේ 70 පුද්ගලයකුට අයත් පොල් ඉඩමකට රාත්‍රී කාලයේ ඇතුළු වී පොල් ගස් 30ක තිබූ පොල් ගෙඩි 450ක් කඩා සොරකම් කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලවුන්, ඉත්තෑවන්ට පසු පොල් වගාවට ඇති ලොකුම හානිය වන්නේ මේ පල් හොරුන්ගෙනුයි.