(අංජුල මහික වීරරත්න)
පොල් වගාව අපනයනය වැවිලි භෝගයක් ලෙස නම් කරන්නැයි පොල් වගාකරුවන්ගේ සංගමය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා තිබේ.
පොල් අපනයනය කළ ද තවමත් පොල් අපනයන වැවිලි බෝගයක් ලෙස නොසැලකීම නිසා මෙම ක්ෂේත්‍රයේ ගැටළු රැසක් මතු වී ඇති බව ද එම සංගමය පවසා ඇත.
රටේ දෛනික අවශ්‍යතාවය පොල් මිලියන 4.8ක් වුවද මෙරට දෛනික පොල් නිෂ්පාදනය මිලියන 3ක් බවද පොල්වල හිඟයක් පැවතියත් සමස්ත පොල් අස්වැන්නෙන් සියයට 25ක් අපනයනය කරන බව එම සංගමය කියයි.
පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 850ක වාර්ෂික ආදායමක් උපයන අතර මෙම අපනයන ආදායම ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නැංවීමට නම් පොල් අපනයනය ඉලක්ක කර ගත් වැවිලි බෝගයක් ලෙස නම් කළ යුතුව ඇතැයිද ලාංකික පොල් ගුණාත්මක භාවයෙන් ඉහල නිසා ජාත්‍යන්තර වෙළෙඳපොලේ පොල් සම්බන්ධ පවතින ඉල්ලුම ඉහල යමින් පවතින බවද පොල් වගා කරුවන්ගේ සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉගන ගත්තේ ප්‍රධාන අපනයන වැවිලි භෝග තේ, පොල්, රබර් යනුවෙන් පොල් ඉවත්කරලා තියෙන්නේ කවදා ඉඳලාද?
කාලයක්ම අපේ ප්‍රධාන අපනයන භාන්ඩයක්භාණ්ඩයක් උනේ කපාපු පොල් හා කොප්පරා. ඒත් තවම පොල් අපනයන වැවිලි භෝගයක් නොවෙයිද? පුදුමයි ඒත් ඇත්තයි.