IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොල් මෝලේ ආරක්ෂක ඝාතනයට සේවකයෙක් අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි සහ එච් චන්දන)

මුන්දලම බත්තුලුඔය  ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක සිටි ආරක්ෂක සේවකයකු ඝාතනය කර සේප්පුවේ තිබූ ලක්ෂ දාහතරක මුදලක් කොල්ලකා පලා ගිය බව කියන එම ආයතනයේ සේවකයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගත් මුන්දලම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුල පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට මුන්දලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

මියගිය පුද්ගලයා පොල්තෙල් නිෂ්පාදන ආයතනයේ ආරක්ෂක නිලධාරියකුවන අතර ඉකුත් 10 දා  රාත්‍රී රාජකාරි නිරතව සිට ඇති අතර පසුදින උදෑසන ආයතනයේ සේවකයින් පැමිණීමේදී මොහු හිසෙහි තුවාල සහිතව මියගොස් සිට ඇති බවත් එම ආයතනයේ සේප්පුවක තිබු රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බවත්,  එහි හිමිකරු විසින් මුන්දලම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත. 

මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 45 ක් වන විජයකටුපොත, හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සැකකරු සන්තකයේ තිබී සේප්පුව කඩා කොල්ලකන ලදැයි සැකකරන රුපියල් එක් ලක්ෂ හතලිස් එක්දහසක මුදලක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත. 



අදහස් (0)

පොල් මෝලේ ආරක්ෂක ඝාතනයට සේවකයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site