(මහින්ද නිශ්ශංක)
උඩරට මාර්ගයේ බණ්ඩාරවෙල හා හීල් ඔය අතර අද පීලි පැනීමට ලක්වූ දුම්රිය පස්වරු 4.00 ට පමණ පීලි ගතකර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය අද පෙරවරු 11.30 ට පමණ පීලි පැනීමට ලක්වූ බව පාලක මැදිරිය කියයි.
මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා තිබූ කොළඹ සිට බදුල්ල බලා ගිය පොඩි මැණිකේ දුම්රිය හා මහනුවර සිට බදුල්ල බලා ගිය බඩු දුම්රිය ද පිටත්ව ගිය බව ද නාවලපිටිය දුම්රිය පාලක මැදිරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව තිබෙන සියලුම දුම්රිය සේවා අතරින් අපේ රටට විශිෂ්ඨ කීර්ති නාමයක් හිමි වන්නේ පීලි පැන්න දුම්රිය නැවතත් පීලිගත කිරීම සඳහායි...