
(අංජුල මහික වීරරත්න)
2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයනය මගින් ලබන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ.
2024 මාර්තු මාසයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය පිළිබද වාර්තාව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දුන්නේය.
ඒ අනුව 2024 මාර්තු මාසයේ දී උද්‍යාන වගාව සඳහා මෙරටින් අපනයනය කරන ලද කොහුබත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,065කි. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 5725කි.
2023 මාර්තු මාසය හා සසඳන විට මෙම ප්‍රමාණය සියයට 29ක වර්ධනයක් වේ.
පොල් කටු සක්‍රීය කළ කාබන් මෙට්‍රික් ටොන් 5,707ක් අපනයනය කිරීම මගින් 2024 මාර්තු මාසයේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 4,430කි.
පොල් කිරි අපනයනය මගින් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 3122ක මුදලක් උපයා තිබේ. මාර්තු මාසය තුළ අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7,059කි.
දිසිදි පොල් අපනයනය මගින් මාර්තු මාසයේ දී උපයා ඇති ආදායම රුපියල් මිලියන 2,378කි. එම මාසය තුළ අපනයනය කරන ලද දිසිදි පොල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3592කි.
පිටි කළ පොල් කිරි අපනයනයෙන් රුපියල් මිලියන 1587ක් පොල් ක්‍රීම් අපනයනයෙන් රුපියල් මිලියන 1,390ක් පොල් තෙල් අපනයනයෙන් රුපියල් මිලියන 539ක් උපයා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොඳ දෙයක් විදේශ විනිමය සම්බන්ධව. නමුත් පිරිසිදු පොල් තෙල් අපනයන කර පාම් තෙල් සහ එළවළු තෙල් ආනනය කිරිම මිනිසුන්ගේ සෞඛ්‍යයට කොපමණ හානිකරද?
මට මතක් වුණා මගේ පාසල් කාලය. එදා අපේ රටේ දේශීය නිෂ්පාදන අතර ප්‍රධාන තැන හිමිවුණේ තේ . පොල් හා රබර්. ලෝක වෙළඳ පොළේ මුල් තැන ලැබුණේ ලංකාවේ තේ වලට. හැබය් දැන් ලෝකයේ වැඩියෙන්ම තේ අපනයන කරන රටවල් අතර අපිට හිමිවන්නේ 3 වන ස්ථානයය් (1, චීනය 2, කෙන්යාව), එමෙන්ම පොල් අපනයනය කරන රටවල් අතුරින් ලෝකයේ 6වන ස්ථානය අපට හිමිවන්නේය. අදුරදර්ශී පාලකයින් නිසා අපට හැම එකක්ම අහිමිවෙලා. මෙලෙස තව තව ගොඩාක් දේ අපට අහිමි වුණා ලෝකයේ සුන්දරම රටක්, ස්වභාවික සම්පත් වලින් පරිපූර්ණ කෘෂිකර්මාන්තය සඳහා අතිශයින්ම සුදුසු පස්, ඛණිජ සම්පත් වලින් පිරුණු අපේ රජවරුන් අපට දයාද කල වැව් අමුණු මේ සියල්ල හිමි අපට වසර 76 ක්ම නිහතමානී දේශප්‍රේමි, උගත් , බුද්ධිමත් හා අවංක පාලකයන් පත්කිරීමට නොහැකි විමේ ඵලවිපාක තමා සුන්දර මාතෘභූමියේ විනාශයට මූලික හේතුව
මණ්ඩලේ ලොකුවට කියනවා ආදායම ගැන .පොල් පැලයක් හදාගන්න විදින දුක දන්නේ අපි.අලුත් වගාවේ පැල ගස් 49 ක් කුරුමිණි හානිය නිසා විනාශයි.මණ්ඩලයට කීවට ප්‍රතිචාරය බිංදුවයි .හරි ලොකුවට ආදයාම ගැන පම්පෝරි ගහනවා .මාසේ අන්තිමේ පඩිය විතරයි මෙයාලට ඕනේ