(අංජුල මහික වීරරත්න)
පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහල නැංවීම ඉලක්ක කරමින් පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකසන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ මණ්ඩලය හා ලුණුවිල පොල් පර්යේෂණායතනය ඇතුළු සියලු අංශවල දායකත්වය මත ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහල ඉල්ලුමක් තිබුනත් තවමත් මෙරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් සියයට 75ක් යොදා ගනු ලබන්නේ දේශීය පරිභෝජනය සඳහා බව අමාත්‍යාංශය පවසයි. ඉතිරි සියයට 25ක ප්‍රමාණය අපනයනය කළ ද දේශීය වශයෙන් පොල් හිඟ වන අවස්ථාවන් හි දී අපනයන කටයුතු අඩාල වන බව අමාත්‍යාංශය කියයි.
ලංකාවේ වාර්ෂික නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000කට ආසන්නය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලිම්ම කරන්න කියෙන්නේ පොල්වලට රිලව් වැනි සතුන්ගෙන් වෙන හානි නැති කරන්න වැඩපිළිවලක් තිරිම
තමන්ගේ ඉඩමේ පොල් පැලයක් හදාගන්න සාමාන්‍ය ජනයාට පහසුකම් ලබාදෙන්න, පොල් වගාවට වන සතුන්ගෙන් වන හානි අඩු කරන්න ක්‍රම සම්පාදනය කරන්න... එවිට වාණිජ පොල් වගාවට ඩොලර් උපයන්න හැකියි කදිමට...