IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොල් කිරි රට යවා කෝටි 290ක් සොයයි

(අංජුල මහික වීරරත්න)

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ  රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි  පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

මහ බැංකුවේ මාසික පදනම යටතේ නිකුත් කරන අපනයන පිළිබඳ වාර්තාව අනුව පෙබරවාරි මාසයේ  පොල් කිරි මෙට්‍රික් ටොන් 6739ක් අපනයනයෙන්  මෙම මුදල උපයා තිබේ.

2023 පෙබරවාරි මාසයේ පොල් කිරි මෙට්‍රික් ටොන් 4366ක් අපනයනය කර රුපියල්  මිලියන 2401ක ආදායමක් උපයා ඇතැයි ද පොල් සංවර්ධන අධිකාරිය කියයි.

අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය අනුව 2023ට වඩා 2024 පෙබරවාරි මාසයේ මෙට්‍රික් ටොන් 2373ක් ඉහළ  ගොස් ඇති අතර අපනයනය මගින් ලද ආදායම ද රුපියල් මිලියන 570කින් වර්ධනය වී තිබේ.

පසුගිය වර්ෂයේ දීර්ඝ නියඟය සහිත කාලගුණික තත්ත්වයකින් පසු ලද වැස්ස නිසා පොල් ඵලදාව ද ඉහළ ගියේය. 

2023 නොවැම්බර් මාසයේ සියයට 22ක්, දෙසැම්බර් සියයට 05ක්, 2024 ජනවාරි මාසයේ සියයට 18ක් සහ  පෙබරවාරි මාසයේ සියයට 25කින් මෙරට පොල් නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන බව අධිකාරිය පවසයි.

2023 වර්ෂයේ සමස්ත පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000 ඉක්මවා ගොස් ඇති අතර කර්මාන්ත සදහා වෙන් කළ පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 1380කි.

කෙසේ වුවද පොල් අපනයනය මගින් ලද ආදායම මෙම වර්ෂයේ  ඩොලර් බිලියනයක් දක්වා ප්‍රථමවරට ඉහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.



අදහස් (0)

පොල් කිරි රට යවා කෝටි 290ක් සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site