IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෙරළුණු චීන යාත්‍රාව ළඟට ගිය නැවියන්ට උපහාර

(ඉන්දිකා රාමනායක)

අහපත් කාලගුණය හේතුවෙන් ගැඹුරු මුහුදේ  පෙරළුනු “ ලූ පෙන් යුවාන් යූ 028”  චීන ධීවර යාත්‍රාවේ ධීවරයන් ගලවා ගැනීමේ කිමිදුම් මෙහෙයුමට  සහභාගි වු නාවික හමුදා සමාජිකයන් නව දෙනාට චීන රජයේ උපහාර පිරිනැමීය.

මෙම උත්සවය ශ්‍රි ලංකාවේ චීන තනාපති කී ෂෙන්හොං මහතා ,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ගැඹුරු මුහුදේ දී ඉකුත් (16) දින  අපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා පෙරළුණු යාත්‍රාව වෙත ළඟාවූ විජයබාහු නෞකාවේ කිමිදුම් කණ්ඩායම ආපදාවට පත් ධීවර යාත්‍රාවේ ඇතුළත  සිටි කාර්යය මණ්ඩලය මුදවා ගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් සිදු කළේය.

එම මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය මධ්‍යයේ දින තුනක් පුරා ඉතා අසීරු කිමිදුම් කටයුතුවල යෙදෙමින  මැදිරි තුළ නරක් වූ මළසිරුරු දොළහක් හඳුනා ගැනීමටත් නාවික හමුදා කිමිදුම් කණ්ඩායමසමත් වූහ.

මෙම කිමිදුම් මෙහෙයුම අවසන් කර පැය 24 ක් ඇතුළත ආපදාවට පත් යාත්‍රාව සම්පූර්ණයෙන්  මුහුදේ ගීලී ගොස් ඇති අතර, එවැනි ඉතාමත් අවදානම් සහගත අවස්ථාක ජීවිත අවදානම ද නොතකා ශ්‍රී ලංකා නාවික හමුදාව  සිදුකළ සුවිශේෂි  මෙහෙයුම ජ්‍යාත්‍යාන්තරයේ විශේෂ ඇගයීමකට ලක් විය.

0



අදහස් (6)

පෙරළුණු චීන යාත්‍රාව ළඟට ගිය නැවියන්ට උපහාර

බද්රානි Wednesday, 07 June 2023 09:05 PM

මල් විතරද දුන්නේ..? සල්ලි කීයක් වත් දුන්නේ නැද්ද?

:       7       1

G. K. Ekanayake Wednesday, 07 June 2023 10:54 PM

බන්දුල ගුණවර්ධන මොන මගුලකටද මෙතෙන්ට ගියේ?.

:       4       18

wca Thursday, 08 June 2023 12:44 AM

බන්දුලයත් කිමිදිලාද ?

:       3       14

City Thursday, 08 June 2023 05:06 AM

ජාතියක් ලෙස අප ආඩම්බරයි ඔබ ගැන

:       0       14

සමන් Thursday, 08 June 2023 06:42 AM

වැඩේ නම් හොදයි.ඒත් ඔය බන්දුල ගුනවර්දන වගේ අපතයොන්ට ඇයි ආරාධනා කලේ.

:       2       16

kotiyaThursday, 08 June 2023 10:51 AM

ඩයල් එකලු නාවික හමුදාවේ බෝට්ටු ටික ඔක්කොම උසසන් ගිහින් චීන නැව ගාව තිබ්බෙ.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site