
(ගයාන් සූරියආරච්චි)
ආරගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කටකතාවලට රැවටී රට අර්බුදකාරී තත්ත්වයකට පත් නොකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
මෙම තත්ත්වය උපයෝගී කරගෙන බියවැද්දීම් දේශපාලන වාසි ලබාගැනීම් සිදුනොකරන ලෙස සමහර දේශපාලනඥයන්ට අවධාරණය කර බවත් වගකිව යුතු රජයක් ලෙස සෑම ආරක්ෂක පියවරක්ම මේවන විට අරගෙන ඇති බවද අමාත්‍යවරයා කීය.
ඔහු ඒ බව පැවැසූවේ අද (24) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජනාධිපතිවරණයට පෙර සිට මෙම අනතුරු ඇගවීම සිදුකර තිබූ අතර එය ඉන්දීය බුද්ධි අංශ මගින් අනාවරණය කළ අනතුරු ඇගවීමක් නොවන බවත් ලොවපුරා රටවල සිටින ඊශ්‍රායල ජාතිකයන් සම්බන්ධයෙන් පවතින තත්ත්වයක් බවත් අමාත්‍යවරයා කීය.
එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ මේවන විට රජයක් වශයෙන් විදේශ සංචාරකයන් සම්බන්ධයෙන් ගතයුතු සෑම ආරක්ෂක පියවරක්ම ඉතා පැහැදිලිව සහ ශක්තිමත්ව අරගෙන ඇති බවත් එබැවින් කිසිදු බියක් චකිතයකින් තොරව සංචාරකයන්ට ලංකාවේ සංචාරය කළ හැකි බවද අමාත්‍යවරයා කීය.
කිසිදු බියකින් තොරව හෝටල් සහ සංචාරක ක්ෂේත්‍ර පවත්වාගෙන යන ලෙසත් ඒ ඒ හෝටල්වලට ආරක්ෂක විධික්‍රම පවත්වාගෙන යන ලෙස දැනුම්දී ඇති බවත් විජිත හේරත් මහතා කීය.
පොතුවිල් සහ ආරුගම්බේ ප්‍රදේශයේදී මේවන විට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් විදේශික ජාතිකයන් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
අත්අඩංගුවට සැකකරුවන් සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුකරමින් පවතින අතර මෙම තර්ජනාත්මක බලපෑම මීට මාසයකට පමණ පෙර සිට විදෙස් බුද්ධි අංශ මගින් ලැබී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් එම තොරතුරු ලැබුණු දා පටන් එම ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව වැඩි කළ බවත් විජිත හේරත් මහතා පැවසීය.
ජාතියක් වශයෙන් අපේ රටේ ජනතාව ඉලක්ක කරගෙන කැළැඹීමක් ඇති කරන බවට බුද්ධි අංශ වාර්තා තොරතුරු අනාවරණය කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් අමාත්‍යවරයා කීය.
මෙවන විට ඊශ්‍රායල ජාතිකයන් 575 දෙනකු මෙරට රැදී සිටින බවත් ඊශ්‍රායලයෙන් කළ නිවේදනයෙන් පසු ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් මෙරටින් පිටව ගොස් ඇති බවත් හේරත් මහතා පැවැසීය.
(ඡායා සුමුදු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය තවත් පාස්කු ප්‍රහාරයක් නොවේවා.
කොහොමද ඉස්සර මෙහෙම පණිවුඩයක් ගියා නම් කට්ටිය වැළලෙන්න හදන හැටි බොරු බිය ඇති කරනවා කියලා.
කොහොමද? ඉස්සර නම් මෙහෙම පණිවුඩයක් ගියා නම් කට්ටිය වැළලෙන්න හදන හැටි බොරු බිය ඇති කරනවා කියලා.
වැරදිලාවත් මේගොල්ලන්ට කවුරුහරි ප්‍රහාරයක් එල්ල කලා නම් පාඩුව අපේ සංචාරක කර්මාන්තෙට අනුන්ගේ ප්‍රශ්න නිසා අමාරුවේ වැටෙන්නේ දහ අතේම ණය වෙලා ඉන්න අපි අර රනිල්ගේ කාලේ යුක්‍රේන් රුසියානු යුද්දේ තිබෙන කාලේ රුසියාවට සහ යුක්‍රේනයට නිදහස් වීසා නොමිලේ දීලා මෙහෙ ගෙන්න ගෙන උන් මේ බාබර් සාප්පු , රෙස්ටුරන්ට එහෙම දාලා අපේ තුට්ටු දෙකෙට කෙලියා. මේ වගේ මෝඩ වැඩ නොකළ යුතුයි. යුද්ධ තිබෙන රටවල මිනිස්සුන්ට වීසා දෙනකොට හොඳට බලල දෙන්න ඕනේ. ඊයේ පෙරේද පලස්තීනෙට වීසා ලිහිල් කරන්න කියලා එහේ තානාපති අපේ ජනාධිපතිගෙන් ඉල්ලුවා , එහෙම කලා කියලා අපට ලැබෙන ආර්ථික වාසියක් නැහැ, ඕනේ නම් ත්‍රස්තවාදියෝ ඒවි , සංචාරක වීසා ලිහිල් කරන්න ඕනේ යුධ නැති සල්ලි යහමින් වියදම් කරන මධ්‍යම යුරෝපේ , ජපානේ , නවසීලන්තේ , ඔස්ට්‍රේලියාව වගේ රටවල මිනිස්සුන්ට පමණි.
ප්‍රශංසනීයයි ඇමති තුමනි.
මේකත් බොරුවක්. වාර්තා වූ පරිදි ඔක්තෝබර් 07 වැනි දින Raw වෙතින් පණිවිඩය ලැබිණි. ඔවුන් ඒ ගැන ක්‍රියා කළේ නැහැ. ඔවුන් ක්‍රියා කළේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පුරවැසියන්ට අවවාද කළ විට පමණි.
කොයි රටක බුද්ධි අංශ තොරතුරු ලැබුණත්, ප්‍රහාරයක් සිදු වුනේ නැහැ. වෙනත් රටක මෙවැනි කරුණකට සමස්ත රටම තම රටේ ආරක්ෂාව ගැන සලකා එකාමෙන් එකට එක්ව තීන්දු තීරණ වලට එලබියත්, මේ අමනයින්ගේ පාරාදීසයේ එහෙම නැහැ.. මොවුන් බලාගෙන ඉන්නේ විරුද්ධ පාක්ෂිකයින් බලය හොබවන සමයක මේ රටේ බෝම්බ ප්‍රහාරයක් හෝ විනාශයක් සිදු වේවා යන්නයි. සියලු තොරතුරු දැනගෙන සියල්ල සැලසුම් කොට පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තව දුරටත් රහසක් නොවේ. මේ හොර ජාතිවාදී, ආගම්වාදී, දේශපාලන හොර කල්ලිය මළමිනී මතින් බලය ලබා ගැනීමට තව දුරටත් උත්සාහ කිරීම අරුමයක් නොවෙයි. අනික, එලොව වටා සිටින ඊශ්‍රායල් වැසියන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමත් හාස්‍ය හා ජුගුප්සා ජනකයි. ඒ වගේම ජාත්‍යන්තරය වුණත් දන්නවා මෙවැනි ඕනෑම පාදඩ ක්‍රියාවක් කිරීමට සුදුසුම ස්ථානය මේ ශ්‍රී ලංකාව බව... ලංකාවේ පාදඩයින් මෙවැනි නින්දිත ක්‍රියා කිරීමට හපන්නු බවත් ඔවුන් අවබෝධ කරගෙන ඇති.. කතාවට නම්, ප්‍රෞඩ ජාතියක්ලු... සල්ලි වලට හා බලයට මොවුන් නොකරන තුප්පහි නීච ක්‍රියාවක් නැහැ.. ලැජ්ජා වෙයල්ලා තිරිසන් මිනිසුනේ...!
පච තමයි...
ලෝකයේ බොහෝ රටවල්වලට ඊශ්‍රායල් සහ අනිකුත් ත්‍රස්ත කණ්ඩායම් අතර යුද්ධයෙන් බලපෑම් තිබුණාට හැම රටටම මේ වගේ නිවේදන නිකුත් කරලා නෑ. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන smart traveller වෙබ්සයිට් එකේ ලංකාව ගැන විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා. ආරුගම්බේ ප්‍රශ්නය නිසා. ඉන්දියාව ගැන ඔවුන්ගේ ත්‍රස්තවාදී කටයුතු ගැන සඳහන් කරාට මැද පෙරදිග යුද්ධය නිසා ප්‍රශ්නයක් තියෙනවා කියලා නෑ. මාලිමාව දැන් අපේ හිටපු පාලකයින් වගේ අපිව රවට්ටන්න හිතන්න එපා. ඔබලා කියන දේ අපිට ඉන්ටර්නෙට් එකෙන් චෙක් කරන්න පුළුවන්. ඒ මහින්දලා රනිල්ලා ඔය වගේ දේවල් කිව්වේ ඔවුන් ඇත්තටම තොරතුරු තාක්ෂණය එක්ක හැදුණු අය නොවන නිසා. ඒත් විජිතලා, අනුරලා තාම අවුරුදු 50 ගනන්වල අය. ඔබලා දැනගන්න ඕනෑ දැන් ඉන්න අවුරුදු 60 ගනන්වල අය පවා ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් බලලා පුරුදු අය කියලා. ඕක දන්න නිසා වෙන්න පුළුවන් හරිනි අමරසූරිය ඕවාට කතා නොකර ඉන්නේ...
කියන්නා කෙසේකීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය... ඔබට දැණුනාද ආරක්ෂාවේ වෙනසක්..? ඔක්තෝබර් 7 දින සිට...? නැතිනම් වෙනස දැණුනේ ඇමෙරිකානු එම්බසිය නිවේදන නිකුත්කළ පසුද?
අර ජයමාන්න කියලා අදහස් දාලා තියෙන කෙනා රාජ්‍ය බුද්ධි අංශ වලට ඔත්තු දෙන දින වකවානු පවා දන්න හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළයුතු ආකාරය මනාව දන්නා කෙනෙක් වගේ... අනේ නොදන්නා මගුලක් කතා නොකර රට අවුලුවන මෝඩ කතා නොකියා ඉන්න. ඉස්සර ආණ්ඩු නෙමෙයි රට කරන්නේ දැන්...!