චාරිත්‍රාණුකූලව පැවති බැහුම් ලිහීමේ මංගල්‍ය අනතුරුව කතරගම දේවාලයේ දෙවියන් ඇතුළු දේවාභරණ වඩම්මන වාසනා හස්ථි සම්ප්‍රදායාණුකූලව කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව වාසනා හස්ථියා කිරිවෙහෙර සෑ රදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය.
මද ගතිය නිසා (මද කිපීම) වාසනා හස්ථියා මාස තුන හාමාරකට ආසන්න කාලයක් වෙන්ව තබා ඇතාට අවශ්‍ය කටයුතු සිදු සිදු කළේය.
මද ගතිය අවසන් වීමෙන් පසු චාරිත්‍රානුකූළව ඇතා තබා සිටි ස්ථානයෙන් මහාසංඝ රත්නයේ ආශිර්වාද මධ්‍යෙය් වාසනා පිටතට ගත්තේය.
ඒ අනුව මේ වන විට වාසනා හස්ථියා මෙවර කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවියන් වැඩමවීමේ කටයුත්තට සහභාගී වීමට සූදානම් කරමින් ,ඊට මත්තෙන් දුටුගැමුණු රජ කාලේ පටන් පැවත එන සිරිත් පරිදි ඇතා නහවා පිරිසිදු කිරීමෙන් පසු පළමුවෙන්ම කිරිවෙහෙර නා හිමියන් බැහැ දැක කිරිවෙහෙර සෑ රදුන් වැද ආශිර්වාද ලබා ගැනීම චාරිත්‍රාණුකූලව සිදුකළ බව පවසයි.
කිරිවෙහෙර වැදපුදාගත් වාසනා හස්ථියා කිරිවෙහෙර අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ හා පුරාණ කිරි විහාරය වැද අනතුරුව කතරගම දෙවියන් වෙත පූජා වට්ටියක් තබා බාරහාර ඔප්පු කිරීමද මෙහිදී සිදු කළේය.

2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරහරට යන්න පෙර වාසනා ආශිර්වාද ගනී
මැක්ස් Monday, 01 July 2024 03:37 PM
පෙරහර ඇතුළු බුදු දහම සම්බන්ධයෙන් ඇති සංස්කෘතිකාංග වලට පහර දීම තම ආත්මය කර ගත් ඇන්ජීඕ වාදීන්, ලිබරලුන් ඇතුළු සමස්ත බොදු විරෝධීන්ට (අවාසනාවට ඔවුන් වැඩි දෙනෙක් දැන් මුක්කු ගසන්නේ මාලිමාවට) ඔන්න අවස්තාව පෑන අතට ගන්නට.
නන්දන පනා-මිලානෝ Monday, 01 July 2024 06:58 PM
අලියා වෙහෙරත් වැන්දලු, බෝගහටත් වැන්දලු, දෙයියන්ටත් පූජා වට්ටියක් තියලා බාර වුණාලු... ඒත් එයාට මද කිපෙන කාලෙට සහකාරියක් හොයා ගන්න ඉඩක් නැහැ අයිතිකාරයා ගස්බදිනවා…. ඇයි මේ සතාට මෙහෙම හිරිහැර කරන්නේ…?
වරුණි Monday, 01 July 2024 07:29 PM
පාරේ ඉන්න බල්ලට තියෙන නිදහස පංසලේ අලියට නැති හැටි…!