(අංජුල මහික වීරරත්න)
පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් අද (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි.
සමාජයේ යහ පැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් විශාල මෙහෙයක් ඉටු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියකුද වන බව ජනාධිපතිවරයා පැවසීය.
කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එය රජය, රජයේ ඇතුළාන්තයෙන් පරීක්ෂණයට භාජනය විය යුතු අභියෝගයක් බව පැවසු ජනාධිපතිවරයා කෙතරම් දුෂ්කර වුවද මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුවිය යුතු බවද අවධාරණය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පිරිහුණු සමාජයට කාදිනල් තුමන්ගේ චරිතය පරමාදර්ශයක්
Asela Tuesday, 08 July 2025 09:39 AM
601 / 5,000 ඒ ප්‍රශංසාව ලැබිය යුත්තේ පාලනය කළ නොහැකි දිවක් ඇති දේශපාලනඥයින්ගෙන් නොව සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන්. පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූ මුස්ලිම්වරුන්ගෙන් බහුතරයකට කාදිනල්තුමා පක්ෂපාතී වූ ආකාරය අපි දැක ඇත්තෙමු. ඔහුගේ යටි අරමුණ වූයේ ගෝඨා සහ රාජපක්ෂ මත වරද පැටවීමයි. උත්ප්‍රාසය නම්, ජනතා විමුක්ති පෙරමුණ කාදිනල්වරයා සමඟ කුප්‍රකට මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට අනුග්‍රහය දක්වමින් එවකට රජයට දොස් පැවරීමයි. බෞද්ධ නායකයෙකු ජනාධිපති වීමට මාර්ගය සකස් කිරීම සඳහා ධනවත් මුස්ලිම් තරුණයෙකු දිවි පිදූ බවට ජවිපෙ ප්‍රචාරක මෝල විසින් එන්පීපී වහලුන්ට ඒත්තු ගැන්වීය. ජේවීපී සහ එන්පීපී වහලුන් එය කුණු කසළ ලෙස පරිභෝජනය කර සමාජ මාධ්‍යවල විකාශනය කළහ.
යෝගා Tuesday, 08 July 2025 10:26 AM
මේ වැදගත් අවස්ථාවේ එතුමාගේ හිත සතුටු කරන්නත් එක්ක පාස්කු මහ මොළකරුව අල්ලලා පොරොන්දුව ඉටු කරන්නකෝ, පුළුවන් නම්...!
ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Tuesday, 08 July 2025 10:33 AM
අප්‍රේල් 21 වෙනකොට පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරනවා අම්මපා...
Sameera Tuesday, 08 July 2025 11:08 AM
අවසනාවට ISIS පිලිබඳව බහුතරයක් ශ්‍රී ලාංකිකයන්හට තවම වැටහීමක් නොමැත! මෙය සම්පූර්ණයෙන් දේශපාලන වාසියට පාවිච්චි කරමින් පවති! 2019 සිටි ආරක්ෂක අංශවල නොහැකියාව කුමන්ත්‍රණ ලෙස අර්ථකථනය කරමින් පවති. මෙලෙස සාමාන්‍ය ජනතාව මුලාකිරීමේ සම්ප්‍රදායක් ලෙස පත්වෙමින් පවති!
අරවින්ද මොණරවිල Tuesday, 08 July 2025 11:23 AM
එදා මේ රට ලේ විලක් කිරිමේ රාජපක්ෂ ගාතක කල්ලිය ම්ලේච්ඡ හා නිහින උත්සාහ පරාජය කර රටට සාමය උදා කරන්න අති ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ කල කැප කිරීම, හා ගත්ත ක්‍රියා මාර්ග සදා අනුස්මරණීයයි. අද රාජපක්ෂ දඩොරියන්ගේ වෛරයට හා ද්වේෂ පාත්‍ර වී නින්දා අපහස හා අභූත චෝදනා ලබන්න ලබන්න එකම හේතුව එතුමා කල මේ මානව හිතවාදී ක්‍රියාවයි......
sugath Tuesday, 08 July 2025 12:14 PM
අදෝනා දෙන සමාජයකට නම් හොදයි. තමන්ට ඕනේ නම කියනකම් අඩනවා.
Gihan Tuesday, 08 July 2025 12:18 PM
දෙන්නට දෙන්න පිට කහගන්නවා. නරකම නැහැ
පිටරැටියා Tuesday, 08 July 2025 01:26 PM
පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමග කාදිනල් තුමා ඉතාම ඉවසීමෙන් කටයුතු කරපු හැටි අපි දැක්කා.එසේ නොවන්නට රටතුළ විසාල කළබගෑනියක් ඇතිවෙන්ඩ තිබුනා..
බද්රානි Tuesday, 08 July 2025 02:13 PM
ඔය බෝම්බේ ගහන්න කලිනුත් කලේ කාදිනල් තුමාව අන්දපු එකනේ... එතුමා අදටත් පුහු වර්ණනාවලට ඇන්දෙනවා... අපිට මතකනේ, ඒ කාලේ ජාතිවාදය වපුරපු එවුන් කාදිනල් තුමාව, මහනායකටත් උඩින් මුරුංගා ඇත්තේ තිබ්බා... ඒ කාලේ කාගේ හෝ යටි උවමනාවකට, තව්හිත් ජමාඩ් නායක "අබ්දුල් රාසික්" බුදුන් වහන්සේට අපහාස කළා... ඒ තුලින් හා, විවිධ ප්‍රබන්ධ වලින් සිංහල බෞද්ධ ජනතාව කුපිත කළා.. සරලව කියනවා නම්, රජයෙන් වැටුප් ගත්තු බුද්ධි අංශ සාමාජිකයෙක් වූ සහරාන්, බෝම්බ තාක්ෂණයෙනුත් සන්නද්ධව, ඉතා විධිමත් දුරකථන සම්බන්ධතා ඇතිව, බුද්ධි අංශ සහායත් ඇතිව කතෝලික පල්ලි ඇතුළු විවිධ ස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ තිබ්බා... අවසානයේ සහරාන්ලා වැනි මෝඩයින් මැරුණා... මේ ප්‍රහාරයට වගකිව යුත්තන්ට උසස් වීම් ලැබුණා... ප්‍රහාරයෙන් පසුවත්, ජාතිවාදය රටතුළ ප්‍රචාරය කළ අය මේ ප්‍රහාරයට කිසිසේත් සම්බන්ධ නොවුණු මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළා... ඊට පසුව සිංහල හා බෞද්ධ ජනතාව ගලවා ගැනීමට රණවිරු ජනාධිපති කෙනෙක් පත් වුණා.. ඔහු කටින් පුටින් වුණා. ලේ වලින් ශාපලත් දේශයට, තෙල්, ගෑස් හා ගෙදරට ගෙනාපු ගෑස් සිලින්ඩරය පවා පුපුරන තත්වයක් ඇති වුණා..