
(යොහාන් භාසුර)
පරිසරයට මෙතරම් වෛර කරන ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවී නැතැයි සමඟි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
වර්තමාන ආණ්ඩුවේ කඩා වැටීම මේ හානිය නිසාම ආරම්භ වී ඇතැයි කී ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිංහරාජය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් අදහස් දැක්වීම හේතුවෙන් දේශපාලන කෙණහිලිකම්වලට ලක්ව සිටින භාග්‍යා දියණිය තනි නොකරන බව ද සඳහන් කළාය.
ඇයට අවශ්‍ය නීතිඥා සහාය ලබාදීමට සමඟි වනිතා ජනබලවේගය ඉදිරිපත් වන බව ද ඇය කීවාය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
(<(ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑට..?
එතකොට අර හම්බ ඇමතියා මුලතිව් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් කැපුවා මතක නැද්ද?