(අංජුල මහික වීරරත්න)
ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් රැසක් සහභාගී කර ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි.
විශිෂ්ඨ සේවා ගුරු උපහාර හා විශිෂ්ඨ පාසල , විශිෂ්ඨ සේවාවක් සිදු කළ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් හා කාර්යාල ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර පරිසර නියමුවන් 129 දෙනකු සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමිණි.
පරිසර නියමු ජනාධිපති පදක්කම ජාතික පරිසර නියමු වැඩසටහනේදී ලබා ගත හැකි ඉහළම පදක්කම වන අතර විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී එම පදක්කම්ලාභීන්ට අතිරේක ළකුණු හතරක් හිමිවේ.
විශිෂ්ඨතම පාසල ලෙස ජනාධිපති පරිසර නියමු පදක්කම් ලාභීන් 14 දෙනෙකු බිහි කළ අරලගංවිල විලයාය ජාතික පාසල සම්මාන ලැබූ අතර වැඩිම ජනාධිපති පදක්කම් ලාභීන් පිරිසක් (25) බිහි කිරීමට මග පෙන්වනු ලැබූ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය විශිෂ්ඨතම කාර්‍යාලයට හිමි සම්මානය දිනා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශගුණික විපර්යාසයන්ට දියුණු රටවල දායක භාරය තුල නොදියුණු රටවලට හිමි විය යුතු කොටස ඩොලර් වලින් ඉපයීමට උත්සාහ ගැනීම අගය කල යුතුය. රනිල් මහත්තයෝ රට තුල දේශපාලන විපර්යාසයක් වීමට ඉඩ හරින්න. පවුල් පරම්පරා දේශපාලනය නිසා රට විනාශ වී ඇත. (ඔබත් පරම්පරා දේශපාලනයේ නිසා අකමැති ඇති ) දියුණු රටවල් පාලනය කරන්නේ පවුල් කිහිපයකට අයිති ගොන් කබ්බන් කිහිප දෙනෙකු නොවේ. සමාගම් පාලනය අපට අවශ්‍ය නැත.
දැන් එතකොට ලෝක පරිසර විපර්යාසවලට විසඳුම් හොයන්නේ ඔය චායාරූපයේ ඉන්න වෙන්න විද්වතුන් සෙට් එකද ?
ජනාධිපතිතුමා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පතල් සදහා අනුමැතිය දෙන්නෙ ඔප්පුව බලා අයිති කරුගේ හා අදගොවියාගේ කැමැත්ත මත පමණයි එහෙම බලපත්‍ර අරගෙන බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපුවම අවට නිවාස වලට හානියක් වෙනවාද ජල උල්පත් සිදීයාමට ඉඩ තිබේද කදුවැටි නාය යයිද කිසිවක් බලන්නෙ නැහැ ඒ නිසා පරිසරයට ඇල්මක් දක්වන ඔබතුමා ඒ ගැනත් අවධානය යොමුකරනවා නම් ඉතාමත් හොදයි