IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ප්‍රසන්නට - මිල්රෝයිට වරෙන්තු:මර්වින් යළි රිමාන්ඩ්

(ඩබ්ලිව් ඩී එම් විතානගේ )

රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ  ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනාගෙන් දෙවන සැකකරු වන හිටපු ඇමැති ආචාර්ය මර්වින් සිල්වාට ඇප ලබා ගැනීම සදහා ඉදිරිපත් කර තිබු දිවුරුම් සහතිකය සමග වෛද්‍ය සභතිකය ප්‍රතික්ෂේප කරමින් එම සැකකරුවන් හතර දෙනා  මේ මස 21 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස  මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට සැගවී සිටින සැකකරුවන් දෙදෙනා වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන්ගේ දේපල තහනම් කිරීමට ඉදිරි පියවර ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව එම දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් ද  නිකුත් කළාය.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබු හෙයින් එම නියෝගය ඔවුන්ට බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කෙරිණි.

 



අදහස් (9)

ප්‍රසන්නට - මිල්රෝයිට වරෙන්තු:මර්වින් යළි රිමාන්ඩ්

Nandana Wednesday, 09 April 2025 06:39 PM

මේ කසිප්පුවන් අල්ලන්න බැරිද පොලිස්පතිතුමා...?

:       1       34

ලක්මව් ඛන්නා Wednesday, 09 April 2025 07:52 PM

ප්‍රසන්න මැතිතුමා මේවායින් නිදහස් වෙලා තවත් කාලයක් අපිට සේවය කරන්න ඉන්න ඕනෑ.

:       17       18

පිටිගල මිලානෝ Wednesday, 09 April 2025 07:59 PM

හැංගිලා ඉන්න තරමට පොලිය වැඩියි පුතෝ… වැලිකඩ ගියාම කම්මල් පාටියටම සෙට්වෙයි.

:       2       32

රෝහන Wednesday, 09 April 2025 11:46 PM

යකෝ මේ මිරිස් කුඩ්ඩවත් අල්ලගන්න බැරි පොලිසියක්ද .කෝ අර ඩෙස් එකකුයි පුටුවකුයි අරගෙන එන්න කියපු පොලිස් ඇමති .අර සෙව්වඬියා ආ ගිය අතක් නෑ .

:       4       2

Perera Thursday, 10 April 2025 06:37 AM

මුන්ගේ වටේ කැරකිච්ච ඇඟේ එල්ලිලා හිටපු කූඩැල්ලෝ කිනිතුල්ලෝ දැනටමත් වැටිලා ඇති නේ

:       1       4

Ukussa Thursday, 10 April 2025 06:41 AM

පොලිස්පති තුමනි, ප්‍රසන්නයා හැංගිලා ඉන්නෙ ලක්මව් බෑනාගේ ගෙදරද කොහෙද?

:       0       0

ලක්මව් ඛන්නාThursday, 10 April 2025 11:43 AM

උකුස්සා, ඔබේ කියවීම සහ වටහාගැනීම ඉතාම ඉහළයි.

:       0       0

ලක්මව් ඛන්නා Thursday, 10 April 2025 11:24 AM

රෝහණ, අපි එහෙම තමයි අපේ අයට හොඳම ට්‍රේනින් දීල තියෙන්නේ. අලුත් රිලව් ආවත් අපේ මිනිස්සු තාම අවශ්‍ය තැන්වල ඉන්නවා.

:       0       4

Jayasekara Thursday, 10 April 2025 12:42 PM

මූ අර එයාර්පෝර්ට් එකේ අහිංසක මනුස්සයෙකුට ගහපු කම්මුල් පාර මතක් වෙනවා ... මැටි ඇමතීම තමා ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site