(අංජුල මහික වීරරත්න)

මැතිවරණ අපේක්ෂකයින්  ගෙවල්වලට එනකොට ඒ අයගේ ඉතිහාසය බලන්නැයි  ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පළාත් පාලන ආයතන වලට පත් කළ යුත්තේ  ගෙවල් ගිනි තියපු, මංකොල්ලකාපු, අයිඩින්ටි කාර්ඩ් එකතු කරපු මිනිස්සුද? එහෙම නැත්නම් ගමේ පාර හදපු, ලයිට් එක දාන්න, මරණ ගෙදරට හට් එක දුන්න එදිනෙදා අත්‍යාවශ්‍යතා වලට සම්බන්ධ වුණ මිනිස්සුද?  යන වග ජනතාව තීන්දු කරනු ඇතැයි ද අමාත්‍යවරයා කීය.

 ඉන්ධන, ගෑස්  එනවා නම් අත්‍යාවශ්‍ය බෙහෙත්  එනවා නම් අවශ්‍ය ඒවාද ඡන්දයක්ද කියන එක ජනතාව තීන්දු කරනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

අරගල සමයේ ගිනි තබා විනාශ කෙරුණු  ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලය යළි විවෘත කිරීමෙි අවස්ථාවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග මහතා මෙි බව කීය.