
(සුජිත් හේවාජුලිගේ )
ජනපතිවරණයේදී ඡන්දය භාවිත කරන අපේක්ෂකයන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ මත විමසන පුද්ගලයන් සහ ඒවාට මත ප්‍රකාශ කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
තමන්ගේ මතය අනෙක් අය දැන ගැනීමට අවශ්‍යතාවක් නැති බවත්
එසේම එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු දෙයක් නොවන බවත් රත්නායක මහතා කීය.
මෙවැනි කටයුතු වලින් කරන්නේ ජනතාවගේ පෞද්ගලිකත්වයට හෝ ආනන්‍යතාවයට යම් බලපෑමක් සහ හානියක් බවද ඔහු කීවේය.
තවද මෙවැනි කටයුතුවලින් රහස් ඡන්දයේ ගුණාත්මකභාවයටද හානියක් සිදුවන බව පැවසූ රත්නායක මහතා මෙය එක්තරා ආකාරයකට අයුතු බලපෑමක් බවද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් කිසිවකු හෝ පැමිණිලි කළහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් දැනටමත් එවැනි දේ කළ කිහිප දෙනෙකුට අවවාද කර ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යූ ටියුබ් ජාවාරම් කාරයින් නිසා ජනතාව ලොකු අපහසුතාවකට පත්වෙලා ඉන්නේ. මේ සමීක්ෂණ සිදුකරන පුද්ගලයින්ටත් උපරිම දඬුවම් දෙන්න.
නෝනා වලියක් ඇදලා වගේ? මැකෝ හදන්නේ කථා කිරීමේ නිදහසත් නැතිකරන්නනේ...?
තමුන්ගේ මතය ඡන්දේ දවසට ගිහින් ප්‍රකාශ කළාම හොඳටම ඇති. අතීතයෙන් පාඩම් ගෙන වර්තමානය ගැන හොඳින් අවබෝධ කරගෙන, නිවැරැදි තීන්දුවක් ගැනීමට ජනතාවට මොලේ පෑදේවා...!
මේ දේවල් කරන අය ආදායම් බදු නොගෙවා මිලියන ගණන් සොයනවා. හොර සාස්තර කාරයෝ සහ තවත් විවිධ ආකාරයෙන් මිනිස්සු රවටන විරිදු කාරයෝ වැනි අයත් ඉන්නවා. මේ පිළිබඳව ක්‍රියාත්මක වීම ඉතා හොඳ දෙයක්...
ඔය රැස්වීම් තියලා ඡන්දේ ඉල්ලන අය කමක් නැද්ද? ගමේ කට්ටියට එක තැනකට එන්න කියලා තමන් කැමති කෙනාට ඡන්දෙ දෙන්න කිව්වාම හරිනේ...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ මෙරටට කල හොඳක් නැත. ඔවුහු ලංකාවේ බදු සල්ලි වලින් නිකන්ම උගෙන පිටරට පලාගොස් සුඛෝපභෝගී ජීවිත ගත කරති. සත පහක් ලංකාවට බදු නොගෙවති. ඔවුන්ගේ දරුවන් ද කිසිකලෙක ලංකාවට එන්නේ නැත. එබැවින් ලංකාවේ කුමක් සිදු වූවද ඔවුන්ට කම් නැත. ඔවුන් ලංකාවේ රටවැසියන් දකින්නේ පරීක්ෂනාගාර මීයන් ලෙසිනි. වරක් මෛත්‍රීපාල සිරිසේන අත්හදා රට බාගෙට ඇද දැමූහ. ඉන් පසු ගෝටා අත්හදා රට බංකොලොත් කළහ. දැන් වාමාංශික ත්‍රස්තවාදීන් අත්හදා බලමින් මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතියත් නැති කිරීමට කැසකවති. මෙතරම් හානියක් කිරීමට කොටින්ට පවා නොහැකි විය.