
(සුජිත් හේවාජුලිගේ )
කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් පිරිසක් විසින් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Ambassador HE Santhush Woonjin Jeong) මහතා විසින් එම කඩදාසි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට සංකේතාත්මකව ප්‍රදානය කරනු ලැබ ඇත.
පාසල් දරුවන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් සිදු කළ මේ ප්‍රදානය බාරගත් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙරට කොරියානු ප්‍රජාවටත් කොරියානු රජයටත් සිය කෘතවේදීත්වය පළ කළේ ය.
මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ, විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගිවූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් මිලියන් ගණන් හොරාකාලා පැනමාවේ තැන්පත් කරගෙන සිටින පාලකයින්ගේ නෑදෑයින් ඉන්න රටේ ඩොලර් 11000 කුත් හිඟාකනවද? බොරුවට ආධාර කරලා වැඩක් නැහැ. ඒ ආධාරත් හොරා කනවා මේ තක්කඩි. ඒ අය දන්නේ නැතිව ඇති සුනාමි ආධාරවලට ඇතිවුණු ඉරණම....!
රටේ අහිංසක මිනිස්සු පිටරට ඉඳලා හරි උදව් කරනවා... මේ රටෙන් සල්ලි අරන් ගිය... පැන්ඩෝරා වගේ අහක බලන් ඉන්නවා.