
.(අංජුල මහික වීරරත්න සහ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරෙන කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්ත ශාලා හයෙන් එකක් වාරියපොළ මින්හෙට්ටියේ දී අද (4)විවෘත කෙරිණි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය විසින් මෙම කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්තශාලා හය ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම කර්මාන්තශාලාව සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 800කි. දෛනිකව කිරි ලීටර් 40,000ක් මෙම කුඩා කිරි සැකසුම් කර්මාන්තශාලාවේ දියර කිරි ලෙස සැකසෙන අතර, ගොවීහු 4200ක් දෛනිකව අවශ්‍ය කිරි මෙම කර්මාන්ත ශාලාවට සපයනු ලබති.
කිරි ලීටරයක් රුපියල් 140ක් බැගින් මෙම කර්මාන්ත ශාලාව විසින් මිලදී ගනු ලබයි.
මෙමගින් ගොවි ජනතාවට ප්‍රතිලාභ වශයෙන් හිමිවන මුදල දෛනිකව රුපියල් මිලියන 4.2කි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කිරි සැකසුම් මධ්‍යස්ථානය විවෘත වූ අතර එම අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean Franchois Peatet, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුඹුරු පාට කිරි
ජර්මනියේ වොක්ස්වැගන් එන්නේ කවදාද?
කොමිස් නොගන්න ඇමැතිවරුන්ගේ ආයතන, ආයෝජන දියුණු වීම සිදුවෙනවා. වෙනස වටහා ගත හැකියි...