
(රංජන් කස්තුරි )
ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වේ මං මාවත් පාලම් බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අති විශේෂ සේවාවන් බව එම ගැසට් නිවේදනය සඳහන්වේ
මීට ඉහතද ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකුත් කර තිබූ අතර නව ගැසට් නිවේදනය පෙරේදා නිකුත් කර තිබිණ තිබේ
COMMENTS
කාලකණ්ණි ජෙප්පන්ට මේවා ගාණක්වත් නෑ.
පහුගිය දවස්වල සේවයෙන් ඉවත් කරන ලියුමක් ගැහුවා මතකද..? ඒකට මොකක්ද වුනේ..?
තැපෑල, අධ්‍යාපන, සෞඛ්‍යය, දුම්රිය, ලංගම. ඔය ආයතන කවදාවත් ලාබ ලබන ආයතන නෙවෙයි. හැම රජයෙන්ම ඔය ආයතන වාර්ෂිකව ලබන පාඩුව පියවන්න අයවැයෙන් මුදල් වෙන් කරනවා. ඒ වෙන් වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. පිටකොටුවේ මුට්ට කරගහන මනුස්සයෙක් කෝච්චියේ යන්න ටිකට් එකක් අරගෙන දුම්රිය දෙපාර්ථමේන්තුවට සල්ලි දෙනවා. වැඩ ඇරිලා ගෙදර යනගමන් කන්න ගන්න පරිප්පු 100ට වදින බදු මුදලිනුත් කොටසක් ආයි වර්ෂාවසානයේ දුම්රිය දෙපාර්ථමේන්තුවට යනවා. එහෙම තියෙද්දිත් ඒ මනුස්සයාට වෙලාවට වැඩට යන්න සහා වැඩ ඇරිලා නිදහසේ ගෙදර එන්න කෝච්චි නෑ. ස්ට්‍රයික්. මේ ආයතන සියල්ල පෞද්ගලීකරණය කරලා මිනිස්සුන්ගේ බදු අඩුකරන්න ඕනේ. එතකොට මිනිස්සු අතේ සල්ලි තියෙයි පෞද්ගලික අංශෙන් සේවාවන් ලබා ගන්න... පෞද්ගලික අංශවලිනුත් අඛණ්ඩ සේවාවක් ලබා දෙයි මිනිස්සුන්ගෙන් ගන්න මුදලට සරිලන්න.