IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්

 (ජේ.කේ.එල්. චාමින්ද)

 ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති  කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

වර්තමානයේ මෙකි  භාවිතා කරණු ලබන  පාර්ශව  පිළිබද තොරතුරු අනාවරණය කරගැනිමට නොහැකිවි ඇති බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

 මෙම වාහන විධිමත්ව  අපහරණය කළ බවට සාක්ෂි  විගණනයට අනාවරණය වි නොමැති බවද  විගණන වාර්තාවේ සදහන් වේ.

 අමාත්‍යංශයේ ප්‍රවානහන අංශය විසින්  මේ සම්බන්දයෙන් මුදල් රේගුලාසි ප්‍රකාරව  කටයුතු කර නොතිබු අතර  මෙම වාහන  2023 දෙසැම්බර් මස 31 දිනට  අමාත්‍යංශයේ වාහන ලැයිස්තුවට  හා වත්කම් ගිණුමට  ඇතුළත්ව නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 මේ නිසා 2023 වර්ෂයේ  ගිණුම්වල ඇතුලත් වත්කම්වල වටිනාකම  ඌණ ගණනය වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම අමාත්‍යංශයේ ප්‍රවාහන අංශය සතු  මෝටර් රථ 15ක්  මේ වනවිට වෙනත් රාජ්‍ය  ආයතන විසින් භෞතිකව  පරිහරණය කරනු ලැබුවද  මේ  දක්වා එම වාහන  විධිමත්ව පවරාදිමට හෝ  නැවත ලබාගැනිමට කටයුතු කර නොතිබුණි.

එහි  රුපියල් මිලියන 33.7ක් වු වාහන 08ක් සහ  තවදුරටත් ගිණුම්ගත  නොකළ වාහන 07ක් පවතින බවද  විගණන වාර්තාවේ සදහන් වේ.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය සම්බන්දයෙන් 2023වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.



අදහස් (3)

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්

maalaka Wednesday, 09 October 2024 10:45 AM

ජනාධිපති කෙනෙක් සම්පූර්ණයෙන් විගණනය නැවතුවා නේද ?දැන් සතුටුයිද ?

:       0       23

අරවින්ද මොනරවිල Wednesday, 09 October 2024 10:51 AM

දැන් ජාතික විගණන කාර්යාලයත් මාධ්‍ය සංදර්ශන දානවා කියයිද අපේ හාමුදුරුවනේ !

:       0       20

යෝගා Wednesday, 09 October 2024 12:25 PM

හිටපු ඇමැතියි, අමාත්‍යාංශ ලේකමුයි වගකීම ගත යුතුයි. අත්අඩංගුවට ගන්න, අපූරුවට වමාරයි..!

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site