(යොහාන් භාසුර)
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සියලුම කටයුතු ඩිජිටල්කරණය කර රජයට වසරකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (රුපියල් මිලියන 23 ක්) ඉතිරි කරදීමට සැළසුම් කර ඇති බවත් වෛද්‍ය ආයතනයේ පරිගණක පද්ධතිය මේ වන විටත් සියලුම දිස්ත්‍රික් කාර්යාල සමඟ ජාලගතකර ඇති බවත් ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා පැවසීය.
ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඩිජිටල්කරණය කිරීමෙන් පසුව ජනතාවට කඩදාසි භාවිතයෙනන් තොරව සේවාවන් ඉටුකරගැනීමේ අවස්ථාව ලැබෙන බව කී අබේරත්න මහතා ඉදිරි මාස හය තුළ ඉලක්කය කරා ළඟාවීමේ හැකියාව ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැසිල්ලක් ....
තමන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධති තම ආයතනය තුළ ඇති මානව සම්පත තුළින්ම සැලසුම් කර නිර්මාණය කරන ඉතා අතලොස්සක් රාජ්‍ය ආයතන අතරින් මෙම ආයතනයේ නව පරිපාලනය ඉතා ප්‍රශංසනීය කාර්යක්ෂම සේවාවක් සිදුකරමින් රාජ්‍ය භාණ්ඩාගාරය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම සතුටට කාරණයකි