(ගයාන් සූරියආරච්චි)
පුරාවස්තු බවට සැකකරන පාෂාණ කොටස් සන්තකයේ තබාගෙන සිටි බව කියන සැකකරුවන් හත් දෙනකු සහ එක් සැකකාරිය කඩවත සූරියපාළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 - 54 අතර පසුවන කඩවත, රාගම, ඉමදුව, රදගහමුණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
නිදන් වස්තු ලෙස ලබාගත් පාෂාණ කැබිලි බහා තිබූ පිත්තල පාත්තරයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පුරාවස්තු සන්තකයේ තබාගෙන සිටින බවට කඩවත පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරෙනි. කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd