(විමුක්ති එස් රුද්‍රිගු)

දීර්ඝ කාලීන අසනීප තත්ත්වයකින් පීඩා විඳි පාකිස්තාන හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් මහතා ඩුබායි හි රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අභාවප්‍රාප්ත වන විට පර්වේස් මුෂාරෆ් මහතා 79වියේ පසුවිය.

1999 වසරේදී ලේ වැගිරීමක් සිදු නොකට කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් ජනරාල් පර්වේස් මුෂාරෆ් මහතා වසර 10 කට ආසන්න කාලයක් පාකිස්තානය පාලනය කර ඇත.

අවයවවලට හානි වන දුර්ලභ රෝගයක් වන ඇමිලොයිඩෝසිස් නම් රෝගයෙන් හිටපු ජනරාල් පර්වේස් මුෂාරෆ් මහතා දීර්ඝ කාලයක් පීඩා විඳ ඇත.