(අංජුල මහික වීරරත්න)
කතා කරනවාට වඩා කතා නොකර නිහඬව ඉන්න එක හොඳ බව සමහර අවස්ථා වල පාර්ලිමේන්තුවේදීත් විවිධ ස්ථාන වලදීත් හිතෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
එච්චරටම අපි සිහින ලෝක ගොඩක් දැක අවසාන බව කී අබෙිවර්ධන මහතා රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව ක්‍රියා කළ පිරිසක් සිටි බවද සඳහන් කළේය.
"මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට වෙන තැනකට යනකොට කොළ මිටියක් අරගෙන යන යුගය මීට අවුරුදු 20 කට ඉහත දී අවසන් වෙන්න තිබුණේ. තාමත් අපේ අය අද රියදුරු බලපත්‍රය අලුත් කරන්න ගියොත් ආයෙමත් ඉල්ලනවා කොළ ටික. එහෙම රටකට ඉදිරියට යන්න පුලුවන් දැයි අබෙිවර්ධන මහතා ප්‍රශ්න කළේය.
රජයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්නැහැලා ට පරිවර්තනයක් නෙමෙයි ඕනෑ කොරන්නේ ජනතාව ට පරිවර්තනයක් තමා ඕනෑ කොරන්නේ ආබොං
බොරු කයිවාරු නොගහ ඉන්නවද?
හා...හා..... කතා නොකර ඉන්න එපා, ඔයාගෙ කතාවක් අහුවුවොත් විතරයි අපිට හිනා යන්නෙ, නූතන පිනාගෙ ගොන් කතාවලට මල පනිනවා.
අඩේ.. මොලේ ඉඳලා හිටලා හරි වැඩ කරනවා වගේ. සමහරවිට යුරෝපයෙන් ගෙනාව හවුස් මේඩ් කියලා දෙන්න ඇති.
කෙහෙල් මල් පරිවර්තනයක් ගැන කතා කරනවා, දූෂිත දේශපාලුවෝ රටම බන්කොලොත් කරලා, ලෝකෙටම ණයකාරයෝ කරලා හමාරයි..